තමා සල්ලාලකමේ යනවැයි නිතර චෝදනා කිරීම ඉවසීමට නොහැකිවූ සැමියෙකු සිය පුරුෂ ලිංගය කපා බිරිඳගේ අතට දීමට උත්සහා දැරූ පුවතක් වාර්තාවේ. මේ හේතුවෙන් ඔහු  බරපතළ තුවාල ලබා කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. කුරුණෑගල පොල්පිතිගම ආඳාගලයාය ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන්නේ පෙරේදා (26 ) රාත්‍රියේය.



මෙම පුද්ගලයා අරක්කැමියකු වන අතර මංගල උත්සව, අවමංගල්‍ය උත්සව ඇතුළු උත්සවවලට ආහාර පිසීම මොහුගේ රැකියාව වී ඇත. නිරන්තරයෙන් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියත් මොහුගේ ඉවුම් පිහුම් දක්ෂතාවය නිසා මොහුට දුර බැහැර ප්‍රදේශවලින්ද ඇණවුම් ලැබේ.

මේ ආකාරයෙන් උත්සව නිවසකට ගොස් නිවසට පැමිණි මෙම පුද්ගලයා සමගින් බිරිඳ ආරවුලක් ඇතිකරගෙන ඇත්තේ ඔහු උත්සවවලට යන බව කියමින් වෙනත් කාන්තාවන් සමග සිටින බව කියමිනි.

එහිදී උරණ වූ සැමියා තම පුරුෂ ලිංගය කපා බිරිඳගේ අතටම දෙන බව කියමින් පිහියක් ගෙන එය කපා දැමීමට උත්සහා දරා තිබේ. එම අවස්ථාවේදී පිහියෙන් පුරුෂ ලිංගයේ කොටසක් කැපී ගොස් ඇති අතර බිරිඳ විසින් සැමියා පෙරේදා රාත්‍රියේම පොල්පිතිගම රෝහල වෙත ඇතුළත් කර ඇත.



බරපතළ කැපුම් තුවාල පැවතීම නිසා තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා ඇති අතර කැපී ගිය පුරුෂලිංගයට මැහුම් කිහිපයක් යොදා තිබෙන බව වාර්තා වේ. ඔහු මේ වනවිටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකදී මෙවන් සිදුවීමක් වාර්තා වී නැති බව පැවැසීය. නමුත් මෙය තමන් විසින්ම කරගත් අනතුරක් නිසා එය පොලිසියට වාර්තා වීමක් හෝ අදාළවීමක් නොවන බවද පොලිසිය පැවැසීය.

එෆ් .අස්ලම්/බිමල් රුහුණගේ