
ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා ඊයේ (28දා) දින සවස පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05ක කාලයකට පසුව යළිත් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් - 321 නියෝ වර්ගයේ ගුවන් යානයක් වන අතර, මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 41දෙනෙකු සහ කාර්යමණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබේ. එහෙත් මෙම ගුවන් යානය පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළින් මදුරෙයි බලා පිටත් වූ අතර, එම ගුවන් යානය විනාඩි 05ක ගුවන්ගත වීමකින් පසුව යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ. ගුවන් යානයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගුවන් යානය යළි ගොඩබස්වා ඇතැයි ප්‍රකාශ කරන ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාර්වරයා, ගුවන් මගීන් සහ කාර්යමණ්ඩලය ගුවන් යානය තුළ රඳවා ගෙනම ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු සිදුකළ බවද ප්‍රකාශ කළේය.
(කටුනායක ටී.කේ.ජී. කපිල කටුනායක)
Comments
Post a Comment
Your comment will be visible after approval