
දෙයියන්දර, පල්ලාවෙල ප්‍රදේශයේ නිවසක අභිරිස් ලෙස මියගිය ගුරුවරයෙකුගේ සිරුරක් පෙරේදා (27දා) සවස සොයාගත් බව දෙයියන්දර පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ,
මාතර රදාවෙල, පල්ලාවෙල, ආරච්චිගේවත්ත පදිංචිව සිටි සරත් මොහම්දිරම් විජේසිංහ (අවු. 60)නමැත්තෙකි. මළසිරුර හමුවූ නිවසින් දුගදක් වහනය වන බවට නිවස අවට පදිංචිකරුවන් විසින් දෙයියන්දර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ නිවසට පැමිණි නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද විමර්ශනයකදී දින කිහිපයකට ඉහතදී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ. මියගොස් සිටින පුද්ගලයා දෙයියන්දර පිටවල්ගමුව කනිෂ්ඨ විද්‍යාලයට අනුයුක්තව ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර, මොහු විවාහ වී බිරිඳගෙන් නීතියෙන් වෙන්වී තනිව නිවසේ ජීවත්ව ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.
( ඌරුබොක්ක - ඩී.ඒ. පතිරණ)
Comments
Post a Comment
Your comment will be visible after approval