sapugaskanda-incident

සිය නැන්දම්මා අපයෝජනය කළ බව කියන බෑනා සපුගස්කන්ද පොලීසිය මගින් පෙරේදා (20දා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 28 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

මාබිම පුදේශයේ කුලී නිවෙසක සැකකාර බැනා සිය බිරිද සමග පදිංචිව සිට ඇති තර ගල්නෑව ප්‍රදේශයේ පදිංචි වී සිටින බිරිඳගේ පියා හා මව ඊට පෙර දිනක මේ නිවෙසට පැමිණ මව එහි සිටියේදීම පියා නැවත ගමට ගොස් ඇත. පියා ගමට යාමෙන් පසුව සැකකරු, ඔහුගේ බිරිඳ හා බිරිදගේ මව පමණක් නිවසේ සිට ඇති බවද පොලීසිය පවසයි.

මේ අතර පෙරේදා (20දා) රාත්‍රියේ නැන්දම්මා හා බෑනා නිවසේ සිටියේදී බිරිඳ සංගීත සංදර්ශනයක් නැරඹීමට නිවෙසින් පිටවී ගොස් තිබෙන අතර ඒ අවසරයෙන් නිවසේ සිටි බෑනා විසින් නැන්දම්මා අපයෝජනය කර තිඛෙන බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. සිද්ධිය සැලවු විගසම විසිඅට වියේ පසුවන සැකකාර බෑනා අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර අපයෝජනයට ලක් වූ 54 වැනි වියේ පසුවන නැන්දම්මා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම මහා රෝහලට ඇතුළත් කිරීමට නියමිත අතර සැකකාර බෑනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සපුගස්කන්ද පොලීසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ. එච්. නිරෝෂන්, උපපොලිස් පරික්ෂක වික්‍රමසිංහ, සැරයන් පෙරේරා, පො කො. කුමාර, කාත්තා පො.කො.සෙව්වන්දි යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(මල්වාන - ඩබ්ලිව් ඩී.එම්. විතානගේ)