
අද 22 පස්වරුවේ පැවැත්වීමට නියමිත අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මේ වනවිට ඉතා තීරණාත්මක එකක් වනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තාකර තිබේ.
ඊයේ 21 රාත්‍රිය වන විට අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට විපක්ෂයේ සියලු පක්ෂ මෙන්ම ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් ද ප්‍රකාශ කිරීම හේතුවෙන් බහුතරය ලැබේද යන සැකය මතුව තිබේ.
සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඩලස් අලහප්පෙරුම කණ්ඩායම, අනුර යාපා කණ්ඩායම, විමල් වීරවංශ කණ්ඩායම විරෝධය පළ කරමින් ඡන්දය භාවිත කරන බව දන්වා ඇත.
වත්මන් පාර්ලිමේන්තු සංයුතිය අනුව ආණ්ඩුවට ආසන 116ක බහුතර බලයක් හිමි අතර විපක්ෂයට මන්ත්‍රීවරුන් 108ක් සිටිති.
ඒ අනුව ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පස්‌දෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් 113 ක් එනම් දෙකින් එකක බහුතරයකින් අයවැය පරාජය වීමේ අවදානමක් පවතින බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. අයවැය පරාජය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු කළ යුතුය.
Comments
Post a Comment
Your comment will be visible after approval