
කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකකයක තුන්වන මහලෙන් පහළට විසිකිරීම හේතුවෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙකු මෙම සිද්ධියෙන් මියගොස් තිබේ.
දරුවාගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකරනු ලැබ ඇත්තේ ආරවුලක් අතරතුරදීය. දරුවාගේ මාමා වන මෙම ඝාතක තරුණයා තමාට දරුවා බලාගන්නට බැරි බව පවසමින් වාදයක නිරතවී ඇති අතර නිවැසියන් කටඋත්තර දී ඇත්තේ ක්ෂණික කෝපය සමග ඔහු දරුවා ජනේලයෙන් එළියට විසිකරන ලද බවයි.
බිමට වැටුණ දරුවා බරපතල තුවාල සහිතව ලේ විලක වැටී සිට ඇතිඅතර රෝහල්ගත කරන්නට පෙර මියගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval