stalin-speaks

සුදුසු ඇදුමකින් සැරසී පාසල් පැමිණි ගුරුවරුන්ට අධ්‍යාපන බලධාරීන් විනයානුකූල පියවර ගැනීමට කටයුතු කළහොත් ගුරුවරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය සදහන් කරයි. ගුරුවරියන් සාරියෙන් හෝ ඔසරියෙන් සැරසී පාසල්වල ඉගැන්වීම් කටයුතු කළ යුතු බවට කිසිදු නීතියක් නොමැති බවත්,

මේ නිසා පාසලට ගැළපෙන ඇදුමකින් සැරසී ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරියන්ට විනයානුකූල පියවර ගැනීමට නොහැකි බවත් එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.ගුරුවරුන් පැලදගෙන ආයුතු නිශ්චිත ඇඳුමක් පිළිබද චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සදහා ගුරුවරුන්ට දීමනාවක් රජය විසින් ලබාදිය යුතු බවද හෙතෙම පවසා සිටියේය. සමහර පාසල් සිසුන්ගේ නිසි ලෙස ආහාර නොමැති වීම හා පාසල් උපකරණ මිල ඉහළ යාම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම වැනි කරුණු නිසා පාසල් සිසුන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටින බවත්, පවතින මෙම ගැටලු නිසා ආසන්න වශයෙන් දිනකට 10%කට ආසන්න සිසුන් ප්‍රමාණයක් පාසල්  නොපැමිණෙන බවත් ලේකම්වරයා පැවසීය.

අදාළ ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙත් මාස කිහිපයක සිට ඉල්ලීම් සිදුකළ ඒ සදහා නිසි විසඳුම් මෙතෙක් ලබාදී නොමැති බවත්, එහෙත් සුදුසු ඇඳුමකින් පාසල් පැමිණි ගුරුවරියන් පිළිබඳ ආණ්ඩුවේ පිරිස් විශාල ලෙස කතා බහ කරන බවත් ඒ මහතා සදහන් කළේය. මේ නිසා පවතින සැබෑ ප්‍රශ්නය යට ගොස් තිබෙන බවත්, ආණ්ඩුවේ පිරිස් පාසල්වලට සැබෑ ලෙස ආදරයක් තිබෙනවා නම්, සිදුකළ යුතු වන්නේ, පාසල් පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදීම බවත් ලේකම්වරයා පවසා සිටියේය.


( ඉන්දික හේවාවිතාරණ)