
කොලොම්බියානු පොප් තරුව ෂකිරා ගැන නැවත හොලිවුඩ් පුරයෙන් ආරංචි පැතිරෙමින් පවතී. ඇය වසර 12 ක් තිස්සේ පාපන්දු ක්‍රීඩක සැමියා සමග එකට ජීවත්වූ නමුත් පසුගියදා වෙන්වූවාය. දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධයෙන් සමථයකට එලැඹී ඇය පසුගිය සතියේ හිටපු සැමියා සමග ඔවුනගේ පුතුන් දෙන්නා රැක බලාගැනීම සම්බන්ධ ගිවිසුමකට අත්සන් තැබුවාය.
එම ආරංචිය ප්‍රකට වූ රාත්‍රියේම ෂකිරාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුම බැබලිණි. ඒ ඇගේ විනිවිද පෙනෙන ඇඳුමක් නිසාය.
දරුවන් ගැන කතාව පැත්තක තිබියදී ෂකිරාගේ ඇඳුම ගැන සමාජ මාධ්‍ය අනතුරුව කතා කරන්නට විය.
නිරුවත් ඇදුම් දැන් හැමතැනම වැහි වැහැලාය. - කිම් කාර්ඩෂියන්ගේ ගේ රබර් කිරි අංකය මෙන්ම ෆ්ලොන්ස් පෆ් ගේ ඇඳුමද කතාවට ලක්විය. එසේම මැනිකේ මගේ හිතේ සරාගී චිත්‍රපට රංගනය කරන නොවා සයිරස් ගේ තන පුඩු නිදහස් ඇඳුම්ද කතාබහට ලක්වූ මෑතකාලීන ඒවාය.
'හිප්ස් ඩෝන්ට් ලයි' ගායිකා ෂකිරා ඉතා විනිවිද පෙනෙන දියමන්ති වලින් වැසුණු ඇඳුමකින් සැරසී මෙම කතා බහ ඇති කළාය.
45 හැවිරිදි කොලොම්බියානු ගායිකාව 35 හැවිරිදි පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික්ගෙන් ජුනි මාසයේදී වෙන්වීමෙන් පසුව බර්බෙරිගේ ද නයිට් බිෆෝර් ප්‍රචාරක ව්‍යාපාරයට පෙනී සිටිමින් මෙම ඡායාරූපය බෙදාගත්තේ පාඨක අවධානය වෙනතක යවමිනි.

Comments
Post a Comment
Your comment will be visible after approval