polonnaruwa-elephant-dies

පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කු බටයක ඊයේ (08දා) උදෑසන කුඩා අලි පැටවෙකු සිරවීමෙන් මියගොස් ඇතැයි වෙහෙරගල වනජීවී නිලධාරීහු පැවැසූහ.

එම අලි පැටියා තවත් අලි රැනක් සමග කුඹුරුයායේ පෙරේදා (07දා) උදෑසන සැරිසරමින් සිට ඇති අතර අලි පැටියා ඇළට වැටීමත් සමග ඇතින්න අලි පැටියා බේරා ගොඩට ගැනීමට උත්සාහ දැරුවුද ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් බෝක්කුවක සිර වී තිබේ. සිද්ධිය පිළිබඳ ගොවි මහතෙකු විසින් මහවැලි අධිකාරියේ විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාන් දැනුවත් කිරීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ මහවැලි අධිකාරියේ විජයබාහු පුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරින් කිහිපදෙනෙකු, වනජීවී නිලධාරින් දැනුවත් කර එම ස්ථානයට ගොස් තිබිණි. අනතුරුව පිරිස විසින් අලිපැටියා බෝක්කු බටෙන් ගොඩගැනීමට පැය කිහිපයක් උත්සාහ දැරුවද එය අසාර්ථක වීමත් සමග පැය කිහිපයකට පමණ පසු අලිපැටියා මියගිය බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේය.


(මනම්පිටිය නිමල් ජයරත්න)