
මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළියක් සිදු කරමින් දක්ෂතා අතර ඉදිරියෙන් සිටි නවසීලන්ත කණ්ඩායම ගෙදර යවා පකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන තිබේ.
අද පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවති අවසන් පූර්ව තරගයෙන් පකිස්ථානයට කඩුලු 7ක ජයක් හිමි විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 152ක් රැස් කළේ ය.
ඩැරිල් මිෂෙල් ලකුණු 53ක් රැස් කළ අතර නායක කේන් විලියම්සන් ලකුණු 46ක් රැස් කළේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම පන්දු වාර 19.1කදී කඩුලු 3ක් දැවී ලකුණු 153ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරු යුගලය වන මොහොමඩ් රිස්වාන් ලකුණු 57ක් සහ බාබර් අසාම් ලකුණු 53ක් රැස් කළහ.
පකිස්තාන විස්සයි20 ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ තෙවැනි වතාවටයි.
ලෝක කුසලානයේ පකිස්තානයේ අවසන් තරග ප්‍රතිවාදියා තෝරන ඊළග තරගය ඉන්දියාව - එංගලන්තය අතර පැවැත්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval