
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මන්න කන්නා’ හෙවත් මාරිමුත්තු ගනේෂන් රාජාට ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ (නොව. 19) උදෑසන 9.45ට පමණ ඔහු මාර්ගයේ ගමන් ගනිමින් සිටියදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇත.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ඇති ‘මන්න කන්නා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
බන්ධනාගාරගතව සිටින ‘කංජිපානි ඉම්රාන්ගේ’ පියාට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට බන්ධනාගාරගත කර සිටි ඔහු මීට මාස කිහිපයකට පෙර ඇප ලබා පැමිණ තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval