digana-mangala-death

පසුගිය සතියේ මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු සිය කාර්යාල කාමරයේදී සියදිවිනසාගත් සිදුවීමක් වාර්තා විය.
දිගන මංගල නමින් ප්‍රකට ඔහුගේ මරණයට හේතු සොයා ගිය පොලිසියට සැකසහිත කාරණා කිහිපයක් මේ වනවිට අනාවරණය කරගන්නට හැකිවී තිබේ.

තිදරු පියෙකුවූ මංගලගේ බාහිර පෙම් පලහිලව්වක් මෙම මරණය පසුපස ඇතැයි පොලිසියට සැක පහළවී තිබේ.
පසුගිය 16 වැනිදා දහවල් මංගල සිය කාර්යාලයේ උඩු මහලේ පිහිටි ඔහුගේ කාමරයේදී  සිය දිවි හානි කරගෙන තිබුණේ නීත්‍යනුකූලව ඔහු භාරයේ වූ රිවෝල්වරයකිනි. සිද්ධිය වූ අවස්ථාවේ ඔහුගේ කාමරයේ තිදෙනකු සිට ඇත. ඉන් දෙදෙනෙක්ම කාන්තාවෝය.

මංගල හිසට වෙඩි තබාගෙන ඇත්තේ ඔවුන් ඉදිරියේදී බව මේ වනවිට අනාවරණයවී තිබේ.
හිසට වෙඩි තබාගැනීමත් සමග ඇදවැටුණ මංගල රෝහල් ගත කරන්නට සහය වන්නේද මෙම කාන්තාවන් දෙන්නාය.බරපතළ ලෙස තුවාල ලැබූ මංගල මහනුවර රෝහලට රැගෙන යනවිට  මියගොස් සිටියේය.

කාන්තාවන් දෙන්නා මේ වනවිට පොලිසියට කට උත්තර ලබාදී ඇති අතර එම කාන්තාවන් දෙදෙනා අතරද කිසියම් අමනාපයක් තිබී ඇති බව පෙනී ගොස් තිබේ. මෙම සිදුවීම අවස්ථාවේ මංගල ඇත්තටම වෙඩි තබාගත්තාද නැතිනම් වෙඩි තබාගන්නට හදන ආකාරයට කාන්තාවන් බියකරන්නට ගොස් වැරදී කොකා ගැස්සුනේද යන්න ගැන එම කට උත්තර අනුව සැකයක් මතුව තිබේ.

මංගල සිය කාර්යාලයේ සේවිකාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව පොලිසිය මේ වනවිට තහවුරු කරගෙන තිබෙන අතර ඔහු ඇයට තෑගිබෝග පවා ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇත.
සිද්ධිය වූ අවස්ථාවේ, උඩු මහලේ සේවය කරමින් සිටි සේවකයෙකු ලියකියවිලි කිහිපයකට අස්සන් ලබා ගැනීමට මංගලගේ කාර්යාලයට පැමිණ ඇති අතර මොහොතේ මේ කියන එක් කාන්තාවක් මංගලගේ කාමරයට ඇතුළු වී ඇත්තේ බැනවදිමින් අසභ්‍ය ලෙස කෑගසමිනි. මංගල වෙඩි තබා ගෙන ඇත්තේ මෙම සංවාදය අතරතුරයි.
මංගලගේ වෙඩි තබා ගැනීම පෙම් පලහිලව්වක් නිසා සිදුවූවක් යැයි සැක කරන පොලිසිය මංගල වෙඩි තබා ගන්නා අවස්ථාවේ ඔහුගේ කාමරයේ රැඳී සිටි කාන්තාවන් දෙදෙනාගෙනුත් සේවකයාගෙනුත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර තිබේ.   
 පනස් හතර හැවිරිදි තිදරු පියෙකු වන දොන් රජීව මංගල ගුණවර්ධන  රථ වාහන අලෙවි ආයතන, උකස් ගැනීමේ මධ්‍යස්ථාන, ලී බඩු ව්‍යාපාර, විවිධ වෙළෙඳ ඒජන්සි ඇතුළු මහා පරිමාණයේ ව්‍යාපාර රැසක හිමිකරු වන අතර ඔහුගේ කාර්යාලය විවිධ පුද්ගලයින් ඇපයට තැබූ ඔප්පු තිරප්පු ගබඩාවකි.


මොහු ‘ගුණවර්ධන එන්ටර්ප්‍රයිසස්’ නමින් මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් ද පවත්වාගෙන ගිය බවත් ඊට අමතරව මුදල් පොලියට දීම, මංගල රථ සේවා ඇතුළු විවිධාකාර ව්‍යාපාර රැසක් සිදුකරන බවත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.මොහු තෙල්දෙණිය නගරය කේන්ද්‍ර කරගෙන පිහිටි පල්ලේකැලේ, කෙංගල්ල පන්සල පාරේ බිරිය සහ දරුවන් තිදෙනා සමඟ ජීවත් විය.
මංගල ගමන් බිමන් යද්දී පෞද්ගලික ආරක්ෂකයකු කැඳවාගෙන ගියේය. නීත්‍යනුකූලව ලබාගත් රිවෝල්වරයක්ද පාවිච්චි කළේය.
ඔහුගේ ව්‍යාපාරික ගනුදෙනු ඇතැම්වා මුදල් පොලියට දීම සම්බන්ධ නිසා නිතර ප්‍රශ්න තිබුණත් ඔහුගේ වැඩවලට පොලිසියේ සහයද තිබී ඇති බැවින් බොහෝ විට ඔහුට විරුද්ධව පැමිණිලි නොකෙරුණ තරම්ය.

ඔහුගේ කාර්යාල මේසයේ විශාලනය කළ ඡායාරූපයක දැක්වෙන්නේ හිටපු ජනපති මහින්ද සමග ඔහු එක්ව ගත් ඡායාරූපයකි.ඔහු දේශපාලන සබඳතාද විශාල වශයෙන් තිබුණ කෙනෙකි.
 ඔහු දිවි නසා ගත්තේ මූල්‍ය අර්බුදයක් නිසා නොව පෞද්ගලික ප්‍රශ්නයක් නිසා බවට පහළවී ඇති සැක සහිත කාරණා ඔස්සේ පරීක්ෂණ සිදුවෙයි.