
ගම්පහ ,දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික පාසලක 06 වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවකුගේ කනට පහර දුන් එම සිසුවාගේ පන්ති භාර ගුරුවරියව දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02 බැගින්වූ ශරීර ඇප 02ක් මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු ඊයේ (21දා) සවස නියම කළාය.
සිසුවා ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර කන සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කෙරුණි.
කුරුණෑගල පාර, පන්නල ප්‍රදේශයේ පදිංචි සැකකාර ගුරුවරියට මෙසේ ඇප නියම කරන ලදී. ඉකුත් 18 වැනිදා සැකකාර ගුරුවරිය පන්තියේ සිසුන්ට ප්‍රශ්න 18ක් ලබාදී ඇති බවත් ඊට නිසි පිළිතුරු ලබා නොදීමේ සිද්ධියක් මෙම පහරදීමට හේතුවී ඇති බව පොලිසිය කීය.
එම පෞද්ගලික පාසලේ විදුහල්පතිවරයා විවෘත අධිකරණය හමුවට කැඳවූ අධිකරණය පහරකෑමට ලක්වූ සිසුවා වෙනත් පන්තියකට මාරු කරන ලෙසට නියම කරනු ලැබීය. දිවුලපිටිය පොලිසියේ සැරයන් පුෂ්පකුමාර (49113) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.
මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ
Comments
Post a Comment
Your comment will be visible after approval