galaha-siri-santha-thera

එළඹෙන උඳුවප් පොහොය නත්තල් උත්සවය හා අලුත් අවුරුදු උදාව අදුරේ සැමරිමට පියවර ගන්නා බව රාමඤ්ඤ නිකායේ සංඝ සභික ගෙලිඔය කරමඩ වේළුවනාරාම අධිපති ගලහා සිරි සාත්ත හිමියෝ පැවසූහ.

එම විහාරස්ථානයේදී ඊයේ (07දා) පැවැති ඉල් පොහොය දින ආගමික උත්සවයකින් අනතුරුව උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියහ. මහජන උපයෝගිතා කොමිසම් සභාපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා පොරොන්දු වූ ආකාරයෙන් විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල විදුලි බිල අඩු නොකිරීම පිළිබඳව දැඩි විරෝධය දවමින් උන්වහන්සේ මෙසේ පැවසූහ.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ පැවසූහ.



"අපි මේ රටේ ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් හා බුද්ධශාසන ඇමතිතුමන්ලාගෙන් අහනවා ඔබතුමන්ලා විදුලිබල ඇමතිට ඕන විදිහටද මේ රට පාලනය කරන්නේ කියලා. දැරීමට නොහැකිවිදුලි බිලට විරෝධය පා ඉකුත් වප් අදුරු පොහෝ දිනයක් වශයෙන් සැමරිමට අපි මහා සංඝරත්නය වශයෙන් දිවයින පුරා සංවිධානය වී සිටි අවස්ථාවේ මහනුවරට පැමිණි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු න්‍රෛනිකායික මහා මහ නාහිමිවරුන් මෙන්ම අනගමික නායකයන්ද බැහැදැක ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා විහාරස්ථාන හා ආගම්ක සිද්ධස්ථානවල විදුලි බිල ඉකුත් අගෝස්තු මස සිට හරි අඩකින් අඩු කරන බවට. ඊට අමතරව පිරිවෙන්වලට ප්‍රධාන හිමිවරුන් බැහැදැක පිරිවෙන් සදහා මාස දෙකක් ඇතුළත සූර්ය බලශක්තිය වැඩපිළිවෙළක් සකස් කරන බවටත් පොරොන්දු වී ගියා. නමුත් ඒ පොරොන්දු වූ පරිදි මේ දක්වා කිසිදු විදුලි බිලක් අඩු වෙලත් නැහැ. ලැබුණු සූර්ය ශක්තියකුත් නැහැ,

සභාපතිවරයා හා ඇමතිවරයා ඉතාමත් නිදය ආකාරයෙන් මහනාහිමිවරුත් මෙන්ම ආගමික නායකයන් බොරුවෙන් මුකලා. තවදුරටත් අප බොරුවට රැවටෙන්නේ නැහැ. ඉදිරි උදුවප් පොහාය නත්තල් උත්සවය වගේම අලුත් අවුරුදු උදාව පවා අදුසමරන්න මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් රට පුරා සංවිධානය වෙමින් සිටිනවා.”

(ෂේන් සෙනෙවිරත්න)