gl-peris-speaks

ජනතාව නොමරා මරණ අසිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්‍ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස එන්නතා සභාව නියෝශ්නය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (7) පැවසීය. නුදුරු අනාගතයේ දීම අසීමිත බදු බර නිසා ජනතාවට හුස්ම ගත නොහැකි නොමරා මැරෙන තත්වයක් ඇතිවන බව කී  ජී.එල්. පීරිස් මහතා බදු හැර ආදායම් සෙවිය හැකි විකල්ප නොමැති බව රජය කියමින් සිටින බව ද සඳහන් කළේය.

ජනතාව තව තව බදු බරින් මිරිකීම වෙනුවට ජනතාවගෙන්  සොරා කෑ මුදල් යළි මහා භාණ්ඩාගාරයට ලබාගැනීම ආදී ආදායම් ලබාගත හැකි ක්‍රම සම්බන්ධයෙන් රජය ගැඹුරින් සිතා බැලිය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී  ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඩොලර් 179 බැගින් ගත හැකි ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 284 බැගින් වන පරිදි ටොන් ලක්‍ෂ 63ක් ගෙන්වා ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී ඇති බව ඉකුත් 12 වැනිදා පුවත්පත්, අලුත් කැලණි පාලම හා අතුරුගිරිය අතර අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් දූෂිත ගනුදෙනුවක් ඇති බවත් ඉන් කෝටි ගණනක් රටට අහිමි වී ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තා කර තිබූ බව කී මන්ත්‍රීවරයා මේවා සම්බන්ධයෙන් ජනතා විශ්වාසය දිනාගත හැකි අපක්‍ෂපාතී විමර්ශනයක් පවත්වා සොරා කෑ මුදල් ජනතාව අතට යළි ලබාදිය යුතු බවත් පැවසීය.

එසේ කිරීමට අවංක වුවමනාවක් ඇත්නම් සහාය ලබාගත හැකි දේශීය හා ජාත්‍යන්තර ආයතන තිබෙන බවත්, රටවල්වලින් කොල්ල කෑ මුදල් යළි ඒ රටවල ජනතාවට ලබාදීමට මැදිහත් වන 'ස්ටාර්" නමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්ගතයන් සහිත ආයතනයක් ද තිබෙන බවත් හෙතෙම කීවේය.

මහා පරිමාණ දූෂණ චෝදනා ඇති රටකට කවුරු ආයාචනා කළත් ආයෝජන නොඑන බවත්, ශ්‍රී ලංකාවට උදව් කිරීමට දුෂණය බාධකයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි ද පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණය කල්දැමීමේ අරමුණෙන් පත්කරන කමිටුවක ප්‍රධානත්වය මහින්ද දේශප්‍රිය මහතාට ලබා දී ඔහුගේ කීරතිය අහිමි කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බව කී ජී.එල්. පීරිස් මහතා පළාත් පාලන මන්ත්‍රීවරුන් 8,000ක් දක්වා ගෙන ඒමේ යෝජනාව ගෙන ආවේත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාන කමිටුවකින් බවත් දැන් එය ආපස්සට හැරවීමට ඔහු විසින්ම කමිටුවක් පත්කර ඇති බවත් කීය. මැතිවරණ නොපැවැත්වීමේ ක්‍රියාදාමයට ආශිර්වාදය ලබාදෙන අතකොලුවක් වෙන්නට එපා යැයි දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටින බවත්, මැතිවරණය පැවැත්වුවොත් සියයට 20ක් වත් ඡන්ද නොලැබෙන බව දන්නා ආණ්ඩුවේ ව්‍යායාමය නිල කිරීමට සුදුසු ප්‍රතිකර්ම සුදුසුම වෙලාවේ දී යොදන බවත් හෙතෙම පැවසීය.

 ඩයනා උදයංගනී