
එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් සඳුදා ඊජිප්තුවේ ෂර්ම්-එල්-ෂෙයික් හි පැවති දේශගුණ විපර්යාස පිලිබඳ COP27 සමුලුවේ රැස්වීම අතරතුර කුතුහලයක් ඉතිරිකරමින් හදිසියේ පිටව ගියේය.
සුනක් මුලින්ම මෙම සමුළුව වර්ජනය කරමින් යුරෝපා සංගමය සම්බන්ධිත දේශගුණ සමුළුවට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබූ නමුත් පසුව තිරණය වෙනස් කර රැස්වීමට සහභාගී වීමට ඊජිප්තුවට ගියේය.
නමුත් හිටි හැටියේ ඔහු එතැනින් පිටව යාම මතභේදයට හේතුවී ඇත.
රිෂි සුනක් පිටව යන වීඩියෝව සමාජ මාධ්‍යවල මිලියන ගණනක් මේ වනවිට නරඹා තිබේ.
වීඩියෝවේ, එක් සහායකයකු සුනක්ට යමක් මුමුණමින් සිටිනු පෙනෙන අතර පසුව තවත් සහායකයකු පැමිණ සුනක් සමඟ මිනිත්තුවකට ආසන්න කාලයක් කතා කර පසුව සුනක් සිය අසුනෙන් නැගිට පිටවීම දෙසට වේගයෙන් ගියේය.
මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල සැරිසැරීමෙන් පසුව, සුනක් රැස්වීමෙන් ඉවත් වූයේ ඇයිද යන්න පිළිබඳව අනුමාන කිරීම් ඇති විය. ඔහුගේ කතාවේ ඇතැම් තැන් ගැටලුකාරීවීම හා ඒවා වෙනස්කම් කළ යුතු බව ඇතැමුන් කියා තිබුණි.
බ්‍රිතාන්‍ය සන් පුවත් සේවාවේ දේශපාලන කතුවරයා වන හැරී කෝල් පැවසුවේ විශාල ප්‍රශ්න කිසිවක් නොමැති බවත් එය ජර්මානු ජාතිකයෙකු හමුවීම සමස්බන්ධ ඔහු කලින් යොදාගත් වේලාවක් සම්බන්ධ වැඩක් බවයි. කෙසේ වෙතත් එම හදිසි නික්ම යාමෙන් පසු ඔහු සමුළුවට ආවේ නැත.
බොරිස් ජොන්සන් සහ ලිස් ට්‍රස් නෙරපා හැර සුනක් අගමැති ලෙස පත් කිරීමට බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය තුන් වතාවක් කටයුතු කළ අතර එක්සත් රාජධානියේ දේශපාලන තත්වය තවම අස්ථාවර වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval