
විදුලි මීටරය වෙනස් කර නිවෙසට නීති විරෝධී ලෙස විදුලිය ලබාගත්තේ යැයි කියන පොලිස් ස්ථානාධිපතිවරයකුගේ බිරියක විදුලිබල මණ්ඩලයේ විමර්ශන නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ගලෙන්බිඳුණුවැව පොලිසියට බාරදෙනු ලැබුවාය. ක
ැකිරාව ප්‍රදේශයේ පදිංචි ඇය රජයේ රෝහලක සේවය කරන සාත්තු සේවිකාවකි. සැකකාරියගේ සැමියා පුත්තලම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස සේවය කරන බව දැනගන්නට ඇත.
සැකකාරිය නිවසේ විදුලි මීටරය වෙනස් කර නීති විරෝධී ලෙස විදුලිය ලබාගන්නා බවට විදුලි බල මණ්ඩලයට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ පවත්වා ඇය අත්අඩංගුවට ගෙන ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට බාරදී ඇත. මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.එස්.ජේ. දිසානායක මහතාගෙන් කළ විමසුමේදී ඔහු කියා සිටියේ එම කාන්තාව අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවය.
දයාරත්න ඇඹෝගම
Comments
Post a Comment
Your comment will be visible after approval