budget-passed

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදි වැඩි ඡන්ද 37 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 121 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 84 කි.

ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටින සියලුම මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර විපක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රිවරුන් 06 දෙනෙකු ද අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබෙයි.

දුමින්ද දිසානායක, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, ජීවන් තොණ්ඩමන්, ප්‍රියංකර ජයරත්න, එම් රාමේෂ්වරන් සහ අලි සබ්රි රහීම් එම මන්ත්‍රීවරුන් 06 දෙනායි. රාජිත සේනාරත්න අයවැයට විපක්ෂ විය.

සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නා. දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියේ නැත. සී වී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා අයවැය ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියද ඔහු ඡන්දය ප්‍රකාශ නොකළේය.