ampitiya-ol-student-burn

පසුගියදා නිකුත්වූ  අපොස සාමාන්‍ය පෙළ විභාගයේ A සමාර්ථ 9ක් ලබාගත් සිසුවෙකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
තමා ලද ජයග්‍රහණය සිය මිත්තනියට පවසා පියා සමඟ ආපසු එමින් සිටියදී අම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක මැර කල්ලියක් මේ දෙන්නා වටකර මෙම අපරාධය සිදු කර තිබේ.

එක් මැරයෙකු සිසුවා ඇදගෙන ගොස් සිසුවාගේ හිස ප්‍රදේශය සහ සිරුරේ පහළ ප්‍රදේශයට භූමිතෙල් වක්කර ගිනිතබා තිබේ.

සිද්ධියෙන් පසු සිසුවාව බරපතල තත්වයෙන් රෝහල් ගත කර තිබෙන අතර ඔහු තවම දැඩි සත්කාර ඒකකයේ පසුවේ.
මෙවැනි අපරාධයක් කිරීමට හේතුවූ කරුණ පැහැදිලි නැති අතර සිසුවාගේ ජයග්‍රහණය නිසා ඇතිවූ ඊර්ෂ්‍යාවක්ද වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි කරගන්නට අපහසුවී තිබේ.
අත්දැකීමට මුහුණදුන් සිසුවාගේ පියා අපරාධකාර කල්ලියට ඇති බිය නිසා සිද්ධිය ගැන තොරතුරු ලබාදීමෙන් වැළකී ඇති අතර ඔහු පොලිසියට පවසා ඇත්තේ අපරාධය කළ අය දන්නේ නැති බවයි.

මෙම අත්දැකීමට මුහුණපා ඇත්තේ අම්පිටිය බෙරවට්ස් විදුහලේ සිසුවෙකු වන අතර ඔහු අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටියේය.



සිද්ධියෙන් සිසුවාගේ හිස ප්‍රදේශය සහ සිරුරේ පහළ ප්‍රදේශයට බරපතල පිළිස්සුම් තුවාල සිදු වී ඇති බවත් ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත් මේ වන විට ඔහුට සැත්කමක් ද සිදුකර ඇති බවත් මහනුවර මහ රෝහලේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

කලක සිට අම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක මැර කල්ලියක සාමාජිකයෙකු මෙම ක්‍රියාවට මුල්වී ඇත. හොරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත මෙම කන්ඩායම මීට කලකට පෙර 2021 ජනවාරි මස අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කදුමුදුනකට පුද්ගලයන් දෙදෙනකු රැගෙන ගොස් කුරුසියේ ඇණ ගැසූ සිද්ධියක්ද වාර්තා විය.
දඹුල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අම්පිටිය ප්‍රදේශයේ පදිංචි කපුවකු ඇතුලු පිරිසක් මීට සම්බන්ධ බවට පොලිසිය සිදුකරන පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.