
අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා ඝාතනය වූ දිනයේ නිට්ටඹුවේදී එම ආරක්ෂකයා අතින් වෙඩි වැදී මියගිය හර්ෂ නදීශාන් තරුණයාගේ මව ඊයේ පැවති රැස්වීමකදී එදින සිදුවීම ගැන අදහස් පළ කළාය.
මෙම රැස්වීම පැවතියේ අරගලයේදී මියගිය අය සැමරීම හා ඒ පවුල් වලට ආධාර ලබාදීම පිණිස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එකතුවක් සංවිධානය කළ උත්සවයකදීය.
ඇය මෙසේ කියුවාය.
‘මේ ඉන්නෙ මගේ දරුවා. හර්ෂ නදීශාන් ජයවීර. මුලින්ම බෙල්ලට වෙඩි දෙකක් තියල තිබුනා. දරුවාව මං දැක්කා. මැයි 09 උදේ ඉඳලා මං අරගලය බැලුවා. හිටපු අගමැතිතුමා මේක ඇවිස්සුවා.. අපි දන්නවා.. ඒක එහෙමයි වුනේ එයා ඒක ඇවිස්සුවා. මගේ වචන මේ පාවිච්චි කරන්නේ. ඒ අවුස්සපු වෙලාවෙ දරුවා ෆොන් එකෙන් මේක බැලුවා එයා ඒවෙලාවෙ වේයන්ගොඩ ගැරෙජ් එකේ හිටියෙ.
එයා කිව්වා මං මෙහෙන්ම යනවා කොළඹ කියලා. මං කිව්වා පුතේ කොළඹ යන්න එපා.. කියලා. කර්ෆියු දාලා හැමතැනම ඒ නිසා ඔයා ගෙදර එන්න කියලා..එයා ඊට පස්සෙ නිට්ටඹුවට ගිහින් තිබුණා. එතැනදි තමා මේ සිද්ධිය වුනේ.. එදා හිටපු අගමැති තුමා නිසා තමයි මගේ දරුවා මුලින්ම නැතිවුනේ..මගේ දරුවා නැතිවුණාට පස්සෙ තමා එදා මුළු ලංකාවෙම කැළඹීම් ඇතිවුනේ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval