සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන "Mein Schiff 5" සංචාරකයින් 2000ක් සහ කාර්ය මණ්ඩලය 900කට අධික පිරිසක් සමඟ කොළඹ වරායට අද සේන්දු විය. මෙහි ආ සංචාරකයින් එක් දින සංචාරයක් සඳහා මහනුවර අවට සහ අනතුරුව දකුණේ සංචාරය කරනු ඇත.

මෙම නෞකාව පසුගියදා හම්බන්තොට වාරායටද සේන්දු විය. මගීන් 2,000කට අධික පිරිසක් (බොහෝ විට යුරෝපීය) සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900ක් මෙම නෞකාවේ සිටිති. Aitken Spence සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Hapag Lloyd Lanka, TUI මගී නැව සඳහා නියෝජිතයන් වේ. Mein Schiff 5 අයිති වන්නේ ජර්මානු TUI නැව් සමාගමටය.