
ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි20 අද (21) සවස මූලික වටයේ පැවැති දෙවන තරඟයෙන් ස්කොට්ලන්තය පරදා සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් ජයගත්තේය. කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්තය තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර සිම්බාබ්බේ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ලකුණු සිමාව පසුකර ගියේය.
ඒ අනුව බී කාණ්ඩයෙන් අයර්ලන්තය සමග සිම්බාබ්වේ සුපිරි 12 වටයට තේරී පත්විය.
ස්කොට්ලන්තය පරාජයට පත්ව සියරට බලා පිටත්වීමට සිදුවිය.
අවසන් පොයින්ට්ස් ටේබල් පහතින්



