world-cup-2022-updates

ලෝක කුසලාන තරගාවලියේ මූලිකවටයේ තරග සියල්ල අද අවසන් විය.
මූලික සුදුසුකම් ලබන වටයේදී ඒ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තයත් බී කාන්ඩයෙන් අයර්ලන්තය හා සිම්බාබ්වේත් ඒඅනුව තේරී තිබේ.
හෙට සිට සුපිරි 12 වටය ඇරඹෙන අතර ශ්‍රී ලංකාව ඒ කොටසේ ප්‍රථමයා වීම නිසා මෙවර ලෝක කුසලානයේ අභියෝගකාරී කණ්ඩායම් සමග තරග කරන්නට සිදුව තිබේ.


යම් හෙයකින් බී කාණ්ඩයට වැටුනේ නම් ශ්‍රී ලංකාව ආසියානු රටවල් වැඩි ප්‍රමාණයක් සමග තරගයක් ලැබෙන්නට ඉඩ තිබුණ අතර ආසියානු ශූරයන් වූ නිසා එහි යම් පහසුවක් තිබෙන්නට ඉඩ තිබුනත් මෙවර එසේ නොවීය.
ඒ අනුව group 1 යටතේ අයර්ලන්තය ඇෆ්ගනිස්ථානය ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරග වදින අතර.
group 2 යටතේ සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඉන්දියාව, නෙදර්ලන්තය, පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව තරග බිමට පිවිසෙනු ඇත.

ඉදිරි තරග කාලසටහන  පහතින්