22-approved

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් අද (21) සම්මත විය.


මෙහිදී පනත් කෙටුම්පත දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.එසේ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරයි.
අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත් කෙටුම්පතට සංශෝධන එක්විය. මෙහිදී තෙවනවර ඡන්ද විමසීමක් පැවති අතර ඊට පක්ෂව ඡන්ද 174ක් හිමි විය. විපක්ෂව ඡන්ද හිමි නොවූ අතර ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 1කි. මේ අනුව 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වුණා.22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය. අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමතිය ලබාගැනීම ද සිදු විය.