unhcr-sri-lanka

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සමග ශ්‍රී ලංකාව පිළිබද නව යෝජනාවේ අවසන් කෙටුම්පත ඊයේ (05) දා ජිනීවාහි 51වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කලේය.

'ශ්‍රී ලකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් වර්ධනය කිරීම" යන තේමාවත් යුත් යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් රාජධානිය. එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ඇතුළු රට වල මූලිකත්වයෙනි.ඒ සදහා මේ වන විට ඇල්බේනියාව, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, වෙච්නියා, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලත්තය. ප්‍රංශය, ජර්මනිය, අයිස්ලත්තය. අයර්ලන්තය. ලැට්වියාව. ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය,නෝවේ. ස්ලෝවැකියාව, ස්වීඩනය හා නවසීලන්තය යන රටවල් ද සහය දක්වා තිබේ.

සංහිදියාවේ සහ වගවීමේ ප්‍රගතිය සහ ආර්ථික අර්බුදය හරහා ශ්‍රී ලංකාවේ මානව හිම්කම් පිළිබද ඇතිකර තිබෙන තත්වය  පිළිබද අධීක්‍ෂණය සහ වාර්තා කිරීම වැඩිදියුණු කරන ලෙස යෝජනාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.එසේම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අත්අඩංගුවට ගැනීම් මෙන්ම රජයේ ආධාරකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, මරණ, තුවාල, දේපළ විනාශය සහ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හානි සිදුවීම ඇතුළු මානව හිමිකම් වර්ධනයත් පිළිබද තව යෝජනාවෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිම්කම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අනාගත වගවීමේ ක්‍රියාවලීන් සදහා හැකි උපායමාර්ග සකස් කිරීම සහ තොරතුරු සහ සාක්ෂි රැස් කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය සහ සරබාය කිරිම සදහා මහකොමසාරිස් කාර්යාලයේ ධාරිතාව පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමටද යෝජනාවන් සදහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිලිබද යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ (UNHRC)ක්ද විමසීම අද (06දා) පවත්ව යි. මෙම යෝජනාව පරාජයට පත් වී ශ්‍රී ලංකාව ජය ගැනීමට ඇත්තේ අවම අවස්ථාවකි. මේ අතර මානව හිමිකම් සැසිවාරයට එක්වීම සදහා ජිනීවා වෙත ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජිනීවා නුවර සිට මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ යුක්තිය සහ සංහිඳියාව තහවුරු කිරිම සදහා දේශීය සත් සෙවීම් යාන්ත්‍රණයක් පිහිටුවන බවයි.එම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවත්,

ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවය ආරක්ෂා කරමින් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සදහා නව ත්‍රස්තවාදය වැළැක්වීම් නීතියක් හඳුන්වා දෙන බවත් ඔහු සඳහන් කළේය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලි සබ්‍රි මහතා,

"මේ යෝජනාවලියේ 08වැනි ඡේදයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. එහි සඳහන් කර වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට ඇතුළුව සිදුවන අධිකරණමය හා වෙනත් ක්‍රියාදාමවලට සහාය දැක්වීම. ඒක තමයි මේකේ භයානකම කොටස. මේකෙන් අදහස්  කරන්නේ, ඔවුන් කියන ආකාරයට මානුෂික මෙහෙයුමේදී ලංකාවේ සිදුවුණා යැයි කියන යම් යම් දේවල් සම්බන්ධව ලංකාවේ අධිකරණ  ක්‍රියාදාමයෙන් එළියට ගිහිල්ලා පිටරටවල නඩු දලා දඬුවම් කිරීම.මේ හදන්නේ ඉලක්ක කරලා කරදර කරන්න. මේ ක්‍රියාදාමයට අපීට එකග වෙන්න බැහැ. පිටරටවල නඩු අහන එක, විදේශ විනිසුරුවරුන් ලංකාවට එන එක ලංකාවේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් උල්ලංඝනය කිරීමක්"යැයි සදහන්කලේය.එසේම මානව හිම්කම් කොමිසම තුළ සාමජිකයන් 47ක් සිටින බවත්, ඉන් සාමාජිකයන් 30දෙනෙක් අදාළ යෝජනාව සමග සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. "යථාර්තවාදී ලෙස මේ බලගතු රටවල් එක්ක සටන් කිරීම අපිට අමාරුයි” යනුවෙන්ද ඔහු පවසා සිටියේය.