එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මීට සුළු මොහොතකට පෙර සම්මත වුවා.
එහිදී යෝජනාවට පක්ෂව ජන්ද 20ක්, යෝජනවට විරුද්ධව ජන්ද 07ක් ලබාදී ඇත. එමෙන්ම රටවල් 20ක් ජන්දය දීමෙන් වැලකී සිටියා.
එම සැසිය අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ කැමැත්තකින් හෝ අදහස් විමසීමකින් තොරව ඉදිරිපත් කර ඇති බවය.
එය ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවලියක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර එහිදී අදහස් පළ කළ චීන නියෝජිතයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර මෙහිදී සැලකිල්ලට ගෙන නොමැති බවය.
මේ අතර රටවල් 37ක අනුග්‍රහයෙන් යුතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී විවාදයට ගන්නා ලදි.
පක්ෂව ඡන්ද: 20
විරුද්ධ ඡන්ද: 07
වැළකී සිටීම: 20


Comments
Post a Comment
Your comment will be visible after approval