
ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2,500 සීමාව පසුකළ පළමු හා එකම ශ්‍රී ලාංකේය චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්විය. ඒ අන්තර්ජාතික චෙස් සම්මේලනය විසින් පසුගියදා සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව චෙස් ශ්‍රේණිගත ලකුණු 2,516ක් ලබා ගනිමිනි.
අඩ සියවසක පමණ චෙස් ක්‍රීඩා ඉතිහාසයක් ඇති මෙරටට එවැනි දස්කමක් දැක්වීමට සුසාල් හැර වෙනත් කිසිදු චෙස් ක්‍රීඩකයෙකුට මෙතෙක් හැකියාවක් ලැබී නොමැත. තවමත් 15 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයෙකු වන සුසාල්, මේ වන විට අන්තර්ජාතික චෙස් 'මාස්ටර්'ශ්‍රේණියේ ක්‍රීඩකයෙකු වේ. දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැර ශ්‍රේණිගත ලකුණු 2,500 සීමාව ඉක්මවූ ක්‍රීඩකයන් බිහිවූ රටවල් නොමැතිවීම විශේෂත්වයකි. චෙස් ලෝක ශුරයන් පවා බිහිකළ ඉන්දියාවේද ශ්‍රේණිගත ලකුණු 2,500 සීමාව ඉක්මවා ක්‍රීඩකයන් බිහිවී ඇත්තේ 39දෙනෙකු පමණි.
විදෙස් තරග සංචාරවලදී ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු වැඩි චෙස් ක්‍රීඩකයන් පරාජය කර හා ඔවුන්ට එරෙහි තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්කර සුසාද සිල්වා මෙම ඉලක්කයට ළඟා වී තිබේ.
ඔහු මේ වනවිට ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි 754වැනි ස්ථානය හිමිකරගෙන ඇත. එමෙන්ම වත්මන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතර ඔහුට 595වැනි ස්ථානය හිමිවී ඇත. එමෙන්ම ආසියානු කලාපයේ ක්‍රීඩාවේ රැඳී සිටින ක්‍රීඩකයන් අතරින් ඔහුට 84වැනි ස්ථානය හිමිවී තිබේ.
වත්මන් ජාතික චෙස් ශුරයා වන සුසාල් ද සිල්වා මේ වනවිට ජාතික ශුරතාව දෙවරක්ම හිමිකර ගෙන ඇත. ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකුද වන ඔහු, මෙම වසරේ මාලදිවයින්නේ පැවැති බටහිර ආසියානු චෙස් තරගාවලියේදී වයස 18න් පහළ විවෘත ශුරතාව දිනා ගන්නා ලදී.
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත )
Comments
Post a Comment
Your comment will be visible after approval