
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
මෙම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් එරාන් වික්‍රමරත්න මහතාද ඉදිරිපත් වූහ.
ඡන්ද විමසීමේදී රංජිත් බණ්ඩාර මහතාට ඡන්ද දාහතරක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්න මහතාට ලැබුණේ ඡන්ද හතක් පමණි.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය චරිත හේරත් මහතාය.
Comments
Post a Comment
Your comment will be visible after approval