bank-interest-rates-down

පසුගිය දිනවල වාණිජ බැංකු මගින් විවිධ ප්‍රවර්ධනයන් ඔස්සේ හඳුන්වාදුන් ඉහළ පොලී අනුපාත ලබාගත හැකි ස්ථාවර තැන්පතු ගිණුම් ක්‍රම ඇතුළු ක්‍රම තුළින් අපේක්ෂිත වර්ධනය ලබාගත නොහැකි බැවින් ඉදිරියට එවැනි ක්‍රමවේද අනුගමනය කරමින් බැංකු මුදල් රැස්නොකරනු ඇතැයි වාර්තාවේ.


මේ ගැන අද (6) දින ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදු කළ කථාවේදීද පැහැදිලි කළේය.
එම පැහැදිලි කිරීම මෙසේය.

‘මුදල් සැපයුම සීමා කිරීමේ තාවකාලික ප්‍රයත්නයක් ලෙස පොලී අනුපාතය ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කරා. බැලූ බැලුමට තනි තනි පුද්ගලයන්ට වාසියක් විදියට පෙනුනත් ලෙස එයින් සිදු වෙන්නේ අවාසියක් මේ නිසා ආර්ථික වර්ධන වේගය අඩුවීම සීමා වෙනවා. එහි ප්‍රතිඵලයක් වන්නේ ආර්ථිකය හැකිළී පුද්ගලික අංශය පසුබෑම්කට ලක්වීමයි.
ඒ අනුව සියයට හතක් අටක් ප්‍රමාණයකින් ආර්ථිකය හැකිලීමට ලක් විය හැකි වෙනවා අනෙක් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා ඒ නිසා මේ තත්ත්වය වැළක්වීමට අප පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.‘