
රජය විසින් සියලු භාණ්ඩ හා සේවා සඳහා ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි පනවනු ලැබූ සමාජ ආරක්ෂණ බද්දට අනුව සහ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සියලුම මත් පැන් සහ බීර වර්ගවල මිල ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
සංස්ථා මත්පැන් මිලිලීටර් 750ක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව මත්පැන් සහ බීර වර්ග වල මිල 2.5%කින් මිල වැඩිවී ඇත.
ගෝල්ලීෆ් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් යන ආනයනික සිගරට් වර්ග දෙකෙහි මිල වැඩි කර ඇතැයි ලංකා දුම්කොල සමාගම පවසයි.
ඒ අනුව ගෝල්ලීෆ් සිගරට්ටුවක නව මිල රුපියල් 85 ක් වන අතර බෙන්සන් ඇන්ඩ් හෙජස් සිගරට්ටුවක නව මිල රුපියල් 90 ක් දක්වා වැඩි කිරීමට සිදුවන බවත්, පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ බද්ධ පෙරේදා (01) දින සිට ක්‍රියාත්මක වීම මෙම සිගරට්ටුවක මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval