police-udappuwa-oic-crime-died

පුත්තලම දිස්ත්‍රික්කයේ උඩප්පුව පොලීසියෙහි අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සිය නිවසෙදී ඊයේ (01) අලුයම ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.



මෙසේ ගෙල වැලලාගෙන මරණයට පත්වි ඇත්තේ පල්ලම ප්‍රදේශයේ පදිංචිව 55 හැවිරිදි දෙදරු පියකු වු සරත් ජයන්ත නැමති උඩප්පුව පොලිසියෙ අපරාධ අංශ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂකවරයකි.

අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඊයේ අලුයම සිය රාජකාරි අවසන් කර නිවසට ගොස් ඇති බවත් ඉන්පසුව මෙම සිදුවිම සිදුව ඇති බවත් පැවසේ.

මෙම උප පොලිස් පරික්ෂක වරයා මීට පෙර ආරච්චිකට්ටුව පොලිසියෙ රාජකාරි කර ඇති බවත් උඩප්පුව පොලිසියේ රාජකාරී සඳහා පැමිණ ඇත්තේ මීට වසරකට පමණ පෙර බවත් ඔහු මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ බිරිද සමග ඇතිවු පවුල් ආරවුලක් සම්බන්ධයෙන් දැඩි ලෙස සිත් තැවුලට පත්ව කලකිරීමේන්‍ බවත් පැවසේ.

අදාල මරණය සම්බන්ධව හලාවත රෝහලේ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිතය.