
පසුගිය මැයි 9 වනදා ගිනිබත් කෙරුණු තම නිවස සහ කාර්යාලය පිළිබඳ සිහිපත් කරමින් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (08) මහින්ද දිනේෂ් ඇතුළු අය එක්වූ රැස්වීමකදී පාක්ෂිකයින් ඉදිරියේ හඬාවැටුණේය.
තම උප්පැන්න සහතිකය පවා එහිදී ගිනිබත් වූ බවත් තම මව ගින්නෙන් බේරුණේ ඉතාම අපහසුවෙන් බවත් කියූ ඔහු ඉතිරිවුණ එකම දේ මහින්ද රාජප්කෂගේ ප්‍රචරණ ලිපි කපා එකතුකරගත් පත්තර කැබල පොත බවත් කියූ ඔහු මහින්දට එය පිරිනැමුවේය.
විඳදරා ගැනීමට සිදුවුණු අපහසුතා, වේදනා සියල්ලම නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය සඳහා ගෙන යන ආරම්භය බවට පත්කරගන්නා බවට කියුවේය.
මෙම උත්සවයට රෝහිතගේ සමීපතමයින් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ගාමිණි ලොකුගේ ඇතුළු අය එක්ව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval