red-sugar

ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබියදී තොග වෙළෙඳුන් රතු සීනි ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 02 දින සිට රතු සීනි ආනයනය මුදල් අමාත්‍යාංශය මගින් සම්පූර්ණයෙන් අත්හිටුවා ඇත.



ඒ, දේශීය සීනි කර්මාන්තය නගාසිටුවීම සඳහාය. මේ වනවිට පැලවත්ත, සෙවණගල, හිඟුරාන යන සීනි සමාගම් තුන විසින් රතු සීනි නිෂ්පාදනය කරයි. 2021 වර්ෂයේදී පමණක් පැලවත්ත සමාගම සීනි මෙට්‍රික් ටොන් තිස් දෙදහසක්ද, සෙවණගල සමාගම මෙට්‍රික් ටොන් විසි දහසක් වශයෙන් රතු සීනි නිෂ්පාදනය කර ඇත.

මෙසේ හොර රහසේ රේගුවට නොදන්වා 2021 දෙසැම්බර් මාසයේ නිෂ්පාදිත රතු සීනි ආනයනය කර වෙළෙඳපොළට යොමුකර තිබේ.

මේ වනවිට සුදු සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 255-260 අතර වන අතර, රතු සීනි තොග මිල රුපියල් 300-310 අතර මිලකට අලෙවි වේ.

(චමින්ද සේනාරත්න)