ranil-wicremasinghe-speaks

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) දින  පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය පහත පරිදිය.

දැන් ඉන්ධන පෝලිම් නැහැ නමුත් එපමනින් අපගේ ප්‍රශ්න විසදී නැති බව කිව යුතුයි.
අයිඑම්එෆ් සමග, ජපානය සමග ආධාර වැඩසටහන් තුළින් ආර්ථිකය සැකසීම හා එම පදනම මත සංවර්ධනය කිරීමට වෙහෙසීම මගේ අරමුණ වුණා. අගමැති ධූරයට පෙර සිට මා මේ සැලසුම තිබුණා. මං රටවල් 4 ක නායකයින් පසුගිය දිනවල හමුවී මේ ගැන වැඩ කළා. සිංගප්පූරුව සමග ගිවිසුමක් තුළින් ශ්‍රී ලංකාවට ස්ථාවර ආර්ථිකයක් ගෙන එන්න ඉදිරියට කටයුතු කරනවා.

ජපානයෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කරගන්න අවස්ථාවකුත් ඉදිරියේදී ලැබෙනවා.ණය ලබාදුන් අය සමග පවත්වන සමුළුවේ සම සභාපතිත්වයක් ජපානය දරනවා. ඔවුන් සමග ශක්තිමත් මිත්‍රත්වය යලි ඇති කරගන්නට හැකිවී තිබෙනවා.
චීනයේ ඉදිරියේ පවත්වන කොමියුනිස්ට් සම්මේලනයෙන් පසු චීනය සමග වැඩ කරන්නත් අපේක්ෂා කරනවා. ඉන්දියාව සමග සාකච්ඡාවක් කරනවා. මෝදි අගමැති තුමා හමුවන්නට මා ඉදිරියේදී ඉන්දියාවට ගොස් කටයුතු කරනවා.
ලබන 2023 වසරේ අග වෙද්දී කිසියම් ස්ථාවරයක් රුපියල සම්බන්ධයෙන් ඇති වේවි. මගේ උත්සාහය ලබන වසර මැදදිම කරන්නයි.
2015 ආන්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් 13 ගුණයක් මේ ආණ්ඩුව අච්චු ගසා තිබෙනවා.
පසුගිය වකවානුවේ ලංකාවේ ක්‍රියාතමකවූ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාව මේ තත්වයට පත්වුණා. රාජ්‍ය සම්පත්වලට මුවාවී පාඩුව අධික ලෙස ලැබුවා. ඛණිජතෙල්, විදුලි බල හා ශ්‍රී ලංකන් ඉදිරියේදී ප්‍රතිව්‍යුහගත නොකර බැහැ.
අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසා කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය කඩා වැටුණා දැන් තිබෙන ආහාර උද්ධමනය ලෝක යුද්ධය කාලයේදී වත් අපේ රටේ තිබුණේ නෑ. ඉතාමත් භයානක තත්ත්වයක් නිෂ්පාදනය කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට දේශීය වෙළඳපොලේ බඩු මිල ඉහළ යන යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර අප පසුගිය මාස කීපය තුළ ක්‍රියාත්මක කළා.
 මේවා දවස් දෙකෙන් තුනෙන් විසඳන්න පුළුවන් ගැටළු නෙමෙයි. අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නේ අස්වැන්න අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ නංවා ගන්ට අපට පුළුවන් වුණා ඉදිරි මහ කන්නෙ කරදරයකින් තොරව වගා කටයුතු කරන්ට අවශ්‍ය පෝර ආ බීජ  ලබා දෙන්ට සියල්ලම සූදානම්.
 ස්වභාවික විපතකින් තොරව මහ කන්නයේ වී අස්වැන්න ලබා ගන්න අපට පුළුවන් වුනොත් ආහාර ගැටලුවට යම්කිසි විසදුමක් ලබා ගන්න අපට පුළුවන්.
 ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමේ පදනම එමගින් ඇති කරගන්ට පුළුවන් කෘෂිකර්ම කටයුතු සඳහා පූර්ණ අවධානයක් යොමු කරන අතර කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් අප දියත් කර තිබෙනවා.

 රටේ සමහර කොටස් ආහාර හිඟයකින් පීඩා විඳින බව අප දන්නවා ගම්මට්ටමින් ඒ පුද්ගල කොටස් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

ඒ  හඳුනාගැනීම ඔස්සේ ආහාර සුරක්ෂිතභාවය සහතික කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

 මුදල් සැපයුම සීමා කිරීමේ තාවකාලික ප්‍රයත්නයක් ලෙස පොලී අනුපාතය ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කරා. බැලූ බැලුමට තනි තනි පුද්ගලයන්ට වාසියක් විදියට පෙනුනත් ලෙස එයින් සිදු වෙන්නේ අවාසියක් මේ නිසා ආර්ථික වර්ධන වේගය අඩුවීම සීමා වෙනවා. එහි ප්‍රතිඵලයක් වන්නේ ආර්ථිකය හැකිළී පුද්ගලික අංශය පසුබෑම්කට ලක්වීමයි.
ඒ අනුව සියයට හතක් අටක් ප්‍රමාණයකින් ආර්ථිකය හැකිලීමට ලක් විය හැකි වෙනවා අනෙක් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා ඒ නිසා මේ තත්ත්වය වැළක්වීමට අප පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.


 මූලික පාරිභෝගික භාණ්ඩ උදෙසා උපරිම මිල සීමාවක් නියම කිරීම නිෂ්පාදනය සඳහා ඇති බාධක ඉවත් කිරීම ඔස්සේ නිෂ්පාදනයක් ඵලදායිතාවය වැඩිකිරීම, ඉහළ නැංවීම උදෙසා විදේශ විනිමය රෙගුලාසි යම් ප්‍රමාණයකින් ලිහිල් කිරීම, අත්‍යවශ්‍ය නොවන ආනයනය වලක්වාලන සීමා පැනවීම වඩා යහපත් මුර්ත වෙළෙඳපොළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිය පැනවීම වසරේ පොලි අනුපාතය සීමිත මට්ටමක රඳවා ගැනීම ආදියයි.

 මහ බැංකුවේ විදේශ සංචිත ශක්තිමත් කරන්න අප ක්‍රියාකරනවා.ජාත්‍යන්තර ව්‍යවසායන් මගින් රටට ඇති කරන බර අඩු කිරීම මගින් තවත් ඇමරිකානු ඩොලර් බිලියන දෙකකින් හෝ තුනකින් තර කිරීමට අපට හැකි වෙනවා. පරිසරයට හානි කළ නෞකාවෙන් අපට ලැබෙන වන්දි මුදල් ද එම සංයුතියට රැඳවීමට අපි තීරණය කර තිබෙනවා. අපේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අතරමැදි ණය පහසුකම් වලින් සංචාරක ව්‍යාපාරයෙන් පුද්ගලික ව්‍යාපාර උපයන මුදල් යොදා ගන්නවා. අපනයන ආදායම් ඉහළ නංවනවා මෙවැනි යහපත් ආර්ථික පිළිවෙතක් ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකි වෙනවා.

 ඔවුන් නැවතත් පෙර පරිදි ම විදේශ විනිමය ලංකාවට එවන්නේ එවැනි විශ්වාසයක් මතයි. ජාත්‍යන්තර විශ්වාසය යළි දිනා ගැනීමට හැකිවීමයි අවශ්‍යවන්නේ.
අපේ රට සම්පූර්ණයෙන්ම සමාලෝචනය කර වෙනසකට ලක්කළ යුතුයි වර්තමානය සමස්ත බදු ප්‍රමාණය සියයට අසූවක් පමණ වක්‍ර බදු මේ රටේ හැම පුරවැසියෙක්ම නොදැන බදු ගෙවනවා. තමන් කිසිසේත්ම සම්බන්ධ නැති කාර්යයන් සඳහා ඔවුන් බදු ගෙවනවා. රටේ අන්තිම දුප්පත් පුරවැසියත් මේ බදු දැලට හසු වී තිබෙනවා.
මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවක්. 2019 අනුගමනය කළ බදු ප්‍රතිපත්ති අනුව දළ දේශීය නිෂ්පාදනය සියයට 14ක් උපයා ගත්තේ බදු මුදල්වලින් . මේ රජය එය වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% ක් දක්වා පහළට ඇද වැටුනා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ මුදල යළිත් සියයට දාහතරක් දක්වා ඉහළ නංවාලීමටයි. නමුත් එතනින් සෑහීමකට පත්වන්න අපිට බැහැ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවා යහපත් පරිදි පවත්වාගෙන යන්නට නම් රජයේ බදු ආදායම අවශ්‍යයි.


අපේ කර්මාන්ත හා සේවාවන් තවත් දියුණු කළ යුතුයි. දීර්ඝකාලීන මූල්‍ය සමබරතාවයක් අපිට නොතිබුන නිසායි ආදායම් අඩු වුණේ. විදේශ වියදම ආදායම් අතර පරතරය වැඩි උනේ... මේ නිසා විදේශ විනිමය සංචිත කඩා වැටීම නිසා උද්දමනය සීඝ්‍රයෙන් වැඩිවීමත් රූපියලේ අගය කඩාවැටීමත් සිදුවුණා.
රුපියලේ පොලිය වැඩි වීමෙන් මොකක්ද සිදුවෙලා තියෙන්නෙ මේ දැන් තමයි සම්පූර්ණ පහර ගැසීමට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.
සල්ලි අච්චු ගහලා ආර්ථික වර්ධනය ඉදිරියට ගෙනියන්න කළ උත්සාහය අසාර්ථක වෙලා තියෙනවා.

 ලෝක බැංකුව ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලබාගෙන  ඊළඟට අනික් රටවල් වලින් ආධාර ලබාගෙන යළි රුපියල ස්ථාවර කරගන්න මේවා කරන්න තමයි ඊළඟ මාස කීපයේදී කළ යුතු වන්නේ.
 ඒ එක්කම අපිට තියෙනවා අපේ නිෂ්පාදනය වැඩි කරන්න වැඩසටහනක්.
 විදේශ විනිමය වැඩි උනාම අපේ කර්මාන්ත හා සේවාවන් දියුණු වෙනවා ඒ වගේම අපේ ආදායම් වැඩි කළහම රජයේ අයවැය ශක්තිමත් වෙනවා.
 ඉන්ධන මිල ඉහලයෑම පාරිභෝජන දරාගත හැකි මට්ටමක් රඳවා ගැනීමට අප දැන් සිටම සැලසුම් කළ යුතුයි.

 තවත් වැදගත් කරුණක් අවධාරණය කරන්නට කැමතියි.
 ඔබ සියලු දෙනා විවිධ දේශපාලන අදහස් දරන අය නමුත් ඔබේ දේශපාලන අරමුණ ඉෂ්ට සිද්ධ කර ගන්න පුලුවන් වෙන්නේ මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ආවොත් පමණයි. රට වට්ටන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඔවුන් හැමදේම වැරදි විදිහට දකිනවා. මෙවැනි  කණ්ඩායම් ලෝකයේ දසක ගණනාවකට කලින් ක්‍රියා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගළපන්න වෙහෙස වෙනවා. ඒ කාලයේ යම් යම් දේශපාලන කණ්ඩායම් කිව්වේ පණ අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතය බේර ගන්න එපා කියලා හාමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා අදටත් ඒ දේ කරන්න සමහර කණ්ඩායම් වෙහෙස වෙනවා. හුස්ම පිඹින්න සහයෝගය නොදී ආර්ථික අවසන් හුස්ම හෙළන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ මිය යන තත්ත්වයට පත් වුණොත් මළ කඳන් මතින් බලය ලබා ගැනගැනීමට හැකිවන බවයි.


ඉතිහාසය පුරා ලෝකේ කොහෙවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව මම මේ අවස්ථාවේ පෙන්වා දෙන්නට කැමතියි. ඒ විදියට බලය ලබා ගත්තත් ඒවා කෙලවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදියට එහෙම අදහස් දරන අයටත් මම කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලා දවස් ගණන් තෙල් පෝලිම් වල් ඉන්න ඕනෑ නැහැ ගොඩ ඒමට මෙරට ජනතාවට දැඩි අවශ්‍ය අවශ්‍යතාවයක් තියෙනවා.ඒක කදිමට පිළිබිඹු වූ අවස්ථාවක් ලෙස ඉතාමත් සාර්ථක ලෙස අවසන් වුණු කොළඹ ජාත්‍යන්තර පොත් පත් ප්‍රදර්ශනය උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.

 හැබැයි තව අඩුපාඩු ගණනාවක් තියෙනවා කතා කරන්න තියෙනවා ඒවා අපි සකස් කර ගත යුතුයි. ඒවා නිවැරැදි කර මේ ගමන්මග වඩාත් ශක්තිමත්ව හා වේගවත් කර ගන්න පුලුවන් වෙන්නේ ඔබ හැම කෙනෙකුම මේ සඳහා සහය ලැබුණනම් විතරයි. ඒ නිසා මම නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ පැරණි කෝන්තර අමතක කර දමන ලෙසයි විවේචන පහසුයි හැබැයි විසදුම් සෙවීම අසීරුයි.
 ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීම උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රම වේදයයි රටක් ගොඩ නැංවීමේදී මහා විජිත රජු අනුගමනය කළ කරුණු  බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා ගැටළු යථා ස්වරූපය අවබෝධ කර ගැනීම ගැටලුව සමස්තයක් ලෙස ගෙන සැලැස්මක් අනුව විසඳුම් සෙවීම සෑම තැනක්ම යම් සැලැස්මකින් විශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම ආදිය.
අපි අනුගමනය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය කිසිම ක්‍රියාවලියට ඔබේ උපරිම දායකත්වය ලබා දෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා.රට වෙනුවෙන් එකට එක්වී අපි මේ අභියෝගයට මුහුණ දෙමු. ඒ නිසා පාර්ලිමේන්තුව ජාතික සභාව ලඟදීම ස්ථාපිත කරන්න යන පාර්ලිමේන්තු ආංශික කමිටු ඔස්සේ රට ගොඩනගන පොදු වැඩ පිළිවෙලකට එක්වන මෙන් මම නැවතත් ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිමි ස්තුතියි