ranil-gazte

විදෙස් සංචාරවලින් පසු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු අධි ආරක්ෂිත කලාප සම්බන්ධ ගැසට් නිවේදනය අහෝසි කරන්නට නියමිතවූ අයුරු ගැන ජනාධිපති කාර්යාලය ආරංචි ඔස්සේ සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබේ.



අධි ආරක්ෂිත කලාප ගැන තීන්දුව ගෙන ඇත්තේ ද ජනාධිපති කාර්යාලය නොව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසිනි.
ඒ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශ මතය.

අධි ආරක්ෂිත කලාප ගැසට් පත්‍රය නිකුත් කළ යුතු පනත වෙනුවට වෙනත් පනතකින් ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ නීතිපතිවරයාටද ඉදිරිපත් නොකර බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය නීති විරෝධී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මානව හිමිකම් කොමිසමද ප්‍රකාශ කර තිබුණි. ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ද පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර මේ නිසා ජනාධිපති ලේකම් කාර්යාලය කලබලයට පත්විය. ඒ අනුව අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනොගෙන එය අහෝසි කරන්නට තීරණය විය.
නමුත් මේ සඳහා විකල්පද සාකච්ඡාවී තිබේ.


රජය අරගලය මර්දනය කළත් ජනතා විරෝධය ඉදිරියේදී තීව්‍ර විය හැකි බැවින් මර්දනයට විකල්ප අවශ්‍ය බවට පොහොට්ටු අභ්‍යන්තරයෙන් ආ උපදෙස් අනුව කටයුත් කරන්නට ජනපතිට අවශ්‍යවී ඇත.
අධි ආරක්ෂක කලාප අහෝසි කිරීමට තීරණය කිරීමෙන් පසු  බුද්ධි අංශ සම්බන්ධීකරණය කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.