dharshan-dharmaraj-dies

සම්මානනීය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා අද (02) ජීවිතයෙන් සමුගත්තේය. මියයන විට වයස 41 ක් පමණි.


අසනීප තත්වය හදිසියේ මතුවුන බවත් ඉක්මනින් රෝහලට ගෙන ගියද රෝහලේදී මියගිය බවත් පවුලේ අය ප්‍රකාශ කර තිබේ.
ඔහු සිය ප්‍රථම රූපවාහිනි නිර්මාණයට පිවිසියේ සිඩ්නි චන්ද්‍රසේකරගේ A9 ටෙලි නාට්‍යය හරහා ය. අශෝක හඳගමගේ ඉන් අවන් (2012) චිත්‍රපටයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස චරිත නිරූපණය කිරීම වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයකදී (දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන 2013, හිරු ගෝල්ඩන් අවොඩ්ස් 2014)
 හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

ධර්මරාජ්  සබරගමුව පළාතේ රක්වාන ප්‍රදේශයේ උපත ලැබීය. ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. පාසලේදී නාට්‍ය කිහිපයක රඟපෑ ඔහු රංගනයට ආසා කළේය නමුත් අවස්ථා නොලැබිණි.කොළඹට පැමිණ විවිධ රැකියාවල නියැළුනේය. කොටුවේ මුට්ට කරගැසීමද කළේය.රඟපෑමේ ආසාව නිසා වසර දෙකහමාරක් පමණ කොළඹ සිට සම්මුඛ පරීක්ෂණ වලට ගොස් අවස්ථා සොයමින් සිටියේය.
අවසානයේ සිඩ්නි චන්ද්‍රෙස්කරගේ නිර්මාණයක අවස්ථා ක් ලැබුණි.
මචං, ඉනි අවන්, සරෝජා,ප්‍රභාකරන් ඇතුළු සම්භාව්‍ය සිනමා නිර්මාණ ගණනාවකට හා ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකවූ අයෙකි.


 ඉර හඳ යට ,මාතා, ඇඩ්‍රස් නෑ, ස්පන්දන , උලත් එකයි පිලත් එකයි, ආලෝකෝ උදපාදි ,පෝරිසාදයා, දැවෙන විහඟුන්, සුනාමි, සුපර්ණා, කවුරුවත් දන්නෙ නෑ, චිත්‍රපටවල රඟපා ඇති ඔහුගේ ඉදිරියට එන චිත්‍රපට අතර
ආකර්ෂා, බන්දුරා ,Adventures of Ricky Deen Driver, මොණර විලක්, ජීව, හවුස් ඔෆ් මයි ෆාදර්ස් ,මාරියා හා ප්‍රාණ යන නිර්මාණ තිබේ.