rambukkana-electricity-death

රඹුක්කන මාකෙහෙල්වල ගංගොඩ ප්‍රදේශයේදී හා පූජාපිටිය දොලපිහිල්ල ප්‍රදේශයේදී වගාවන් වනසතුන්ගෙත් ආරක්ෂාවීමට අද තිබූ විදුලි රැහැනක පැටලී පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (19දා) රාත්‍රියේදී පිවිතක්ෂයට පත්ව ඇති බව රඹුක්කන හා පූජාපිටිය පොලීසිය පවසයි. මෙලස ජිවිතක්ෂයට පත්වූයේ. රඹුක්කන මාකෙහෙල්වල ගංගොඩ ඉඳුරුව පදිංචිව සිටි දෙදරු පියෙකු වන සිංහල පේඩිගේ  ගෙදර සුදන්ත සංජීව (අවු.48) හා පූජාපිටිය දොළපිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙකු වන අත්තරගම ගෙදර අරුණ වසන්ත දොළපිහිල්ල (අවු.52) නමැත්තන්ය.

රඹුක්කන මාකෙහෙල්වල ගංගොඩ ප්‍රදේශයේදී මියගිය අය කම්බි රෝලක් රැගෙන කුඹුරකට රාත්‍රි කාලයේ එන වනසතුන්ට විදුලි කම්බි දැමීමට ගොස් ඇති බවත්, ඔහුගේ බාලසහෝදරයා වැඩිමල් සහෝදරයා පැමිණීම ප්‍රමාදවීම මත සොයා බැලීමේදී විදුලි රැහැනක ගැටී සිටියදී සොයාගෙන ඒ සම්බන්ධයෙන් පොලීසිය කළ දැනුම්දීම මත සොයාගෙන තිබේ. දොලපිහිල්ලේදී මියගිය අය සිය නිවස ආසන්නයේ ඇති කැලෑවේ සිට වනසතුන් ඒම වැළැක්වීම සඳහා විදුලි රැහැන් සවිකරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරීම සදහා දේහයන් මාවනැල්ල හා මහනුවර රෝහල්වල භාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හා පූජාපිටිය පොලිසි වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(කෑගල්ල - චමින්ද ජයලත්)