2-policemen-7-year-jail

කාන්තාවක අයුතු ලෙස සිරකර තබාගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වරදකරුවන් වු පිටකොටුව පොලිසියේ  කොස්තාපල්වරුන් දෙදෙනකුට බරපතළ වැඩ සහිත වසර 10 බැගින් වූ සිර දඩුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් 19 වනදා නියම කරනු ලැබීය. විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම නියම කළ විනිසුරුවරයා මීට වසර 07කට ඉහත දී කළ වරදට රුපියල් 15000/- බැගින් දඩ මුදලකට ද ඔවුන් යටත් කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පිටකොටුව පොලිසියට අනුයුක්තව කොස්තාපල්වරුන් වශයෙන් කටයුතු කළ එම්. ජයරත්න හා එස්. විජේසිංහ නමැත්තන්ටය." 2015 වසරේදී කාන්තාවක අයුතු ලෙස සිරගත කරගෙන ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව  නීතීපතිවරයා චෝදනා නගා තිබිණි"

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී විත්තිකරුවන් පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවත් ඔවුන් කාන්තාවක අයුතු ලෙස සිරගත කරගෙන ලිංගික අතවර කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් නඩු විභාගයේ දී අනාවරණය විය". මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් පවත්වා පසුව විත්තිකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් අනාවරණය විය"මේ සම්බන්ධයෙන් පැවැති දි නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා දඩ නියම කළේය"

 මනෝප්‍රිය ගුණසේකර