
එළඹෙන නොවැම්බර් මස 20වැනිදා කටාර්හිදී ආරම්භ වන පාපන්දු ලෝකයම කුසලාන තරගාවලියේ මිලියන 03කට ආසන්න ප්‍රවේශපත් සංඛ්‍යාවක් මේ වන විට අලෙවි වී. ඇති බව හා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ අවධාරණය කරයි. දෝහාහි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට චිවෙමින් (වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ) ෆිලා සභාපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය. මෙම අවස්ථාවට එක්වෙමින් ලෝක කුසලාන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කොලින් ස්මිත් පවසා සිටියේ, අලෙවි වූ ප්‍රවේශපත් සංඛ්‍යාවෙන් සත්කාරක කටාර්, ඇමරිකාව සහ සෞදි අරාබිය වැඩිම සංඛ්‍යාවක් මිලදී ගෙන ඇති බවයි.
කෙසේ නමුත් තවත් මිලියන 1.2ක නරඹන්නන් සංඛ්‍යාවක් මෙම තරගාවලිය නැරඹීමේ බලාපොරොත්තුවෙන් සිටියි. මැදපෙරදිග රටක පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වන අතර, පාපන්දු ලෝක කුසලානයක් පැවැත්වෙන කුඩාම රටද මෙය වෙයි. ඒ අනුව කටාර්හි සීමිත නවාතැන් පහසුකම් හේතුවෙන් දහස් ගණනක් ක්‍රීඩාලෝලීන් සිය සංචාරක කේන්ද්‍රස්ථානයන් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අසල්වැසි රටවල රැදී සිටීමට තීරණය කර ඇති අතර, තම තමන් සහයෝගය දක්වන තරග පැවැත්වෙන දිනයන්හිදී කටාර් වෙත පැමිණීමට තීරණය කර ඇත.
දෝහාහි බොහෝ හෝටල් කාමර පාපන්දු කණ්ඩායම්, ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩල සහ ලෝක කුසලාන නිලධාරින් විසින් මේ වන විටත් වෙන් කරගෙන සිටියි. කටාර් ලෝක කුසලාන සංවිධායක කමිටුවේ. අධ්‍යක්ෂ ජනරාල් යසීර් අල් ජමාල් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා සිටියේ, කටාර් රාජ්‍ය පුරා කාමර මිලියන 02ක් අලෙවි වී ඇති බවයි. කෙසේ නමුත් අවසාන මොහොතේ අලෙවි වන ප්‍රවේශපත්‍ර වෙනුවෙන් අමතර කාමර 30,000ක් එකතු කර ඇති බවද හෙතෙම අනාවරණය කර සිටියේය.
(විශ්ව මුදියන්සේ)
Comments
Post a Comment
Your comment will be visible after approval