
ඉතාලියට යෑමට වීසා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ හතක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ පැසිෆික් ලංකා සමාගමේ සභාපති දඩුවම් නියම කිරීම සඳහා ඇඟිලි සලකුණු වාර්තා ලැබෙන තෙක් ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියෝග කළේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව දඬුවම් නියම කිරීම සඳහා ඇගිලි සලකුණු වාර්තා කැඳවන තෙක් සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් විණි.
ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එම සමාගමේ සභාපති හෙට්ටිආරච්චිගේ දොන් වරුණ රංග කුමාර විමලවංශ නමැත්තාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජගත් ශිවංක නමැත්තාය. සැකකරුට එරෙහි පළමු චෝදනාවට වරදකරු කළ මහේස්ත්‍රාත්වරයා දෙවැනි චෝදනාවෙන් ඔහු නිදහස් කළේය. ඒ අනුව දඬුවම් නියම කිරීම සදහා ඇඟිලි සලකුණු වාර්තා කැඳවන තෙක් සැකකරු මෙලෙස රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
නිමන්ති රණසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval