litro-price-down-in-mid-night

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල දෙවන වතාවට අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.





ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට හැකි බව ඔහු පවසයි.
 නිශ්චිතව අඩුවන ගණන තවම ප්‍රකාශ කරේ නැත.
පසුගිය සැප්තැම්බර් 5 වනදා ගෘහස්ථ ගස් සිලින්ඩර මිල අඩු කර තිබූ අතර
ඒ අනුව කිලෝ ග්‍රැම් 12.5  වත්මන් මිල 4551 කි.
කිලෝ ග්‍රෑම්  5 මිල 1827 කි. කිලෝග්‍රෑම් 2.3 රු මිල 848 කි.මිල සංශෝධන ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව පසුගියදා හඳුන්වාදුන් මිල සූත්‍රයට අනුව සිදුකරන බව ලීටෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.