prasanna-ranatunga-speaks

ඊයේ  අරලිය ගහ මන්දිරයේදී නාගරික සංවර්ධන අමාත්‍යංශ ලෝක ජනාවාස දින සැමරුම් උත්සව අවස්ථාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ



ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය මෙන් ම සමාජයීය තත්ත්වය ඊනියා අරගලකරුවන් විසින් විනාශ කරන ලද බවයි.



රට ගොඩනගන්න පැවති සාර්ථක වැඩපිළිවෙළ විනාශ කරන ලද ඊනියා අරගලකරුවන් මේ ආර්ථික විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතු බවත් ඇමතිවරයා කීය.

එසේ ම, පසුගිය රජය සමයේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ගනු ලැබූ සියලු සැලසුම් හා ව්‍යාපෘති සියල්ල නතර කිරීමට සිදු වූයේ කොරෝනා වසංගතය හා රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් බව  ඔහු පැවසීය.

එසේ ම, තම අමාත්‍යංශයට අනුව ආර්ථික වශයෙන් නැගී සිටීමට නම්, නිවසක් නැති අයට නිවසක් ලබා දීම මිස ගෙවල් ගිනි තබා විනාශ කිරීම නොකළයුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.