indonesia-riot-arema-fc-liga-football

ඉන්දුනීසියාවේ සෙනසුරාදා සවස පාපන්දු තරඟයකින් පසු ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 129 දෙනෙකු මිය ගොස් තවත් 180 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.රෝහල්වල ප්‍රතිකාර ලබන ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයිද වාර්තාවේ.

මලංග් හි කන්ජුරුහාන් ක්‍රීඩාංගනයේ දී ගෘහස්ථ කණ්ඩායමක් වන Arema FC, Persebaya Surabaya කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් පසුව පරාජිතයින් කුපිතවී පාගා දැමීම් සිදු වූ අතර, එම අවස්ථාවේදී ක්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදුණු බව සමාජ මාධ්‍යවල වීඩියෝ සාක්ෂි දරයි.



ක්‍රීඩාංගනයේ ඝෝෂා පැතිර යද්දී, පිටියේ මැදට  බැටන් පොලු සහ කැරලි මර්දන පලිහ රැගත් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් කඩා වැදුණ අතර ඔවුන් පිරිසට ආපසු පහර දෙන අයුරු වීඩියෝ දර්ශනවලින් දැක්වේ. නිලධාරීන් පිටියේ සිටි අයට පහර දී පයින් ගසමින් එළවද්දී පළායන්නට උත්සාහ කළ මිනිසුන් බාධක මතින් පැන වැටි වැටී පෑගෙමින් දිව ගොස් තිබේ.
තෙරපීමකින් විශාල පිරිසක් මියගොස් ඇත. තෙරපීම් නිසා එරට ඉතිහාසයේ පාපන්දු ක්‍රීඩාවක සිදුවූ මාරාන්තික සමූහ-හානිය එය බවද පැවසේ.
ඊළඟට මරණ වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයෙන් පිටවීමට උත්සාහ කිරීමේදී එම ස්ථානයේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී හුස්ම හිරවීමෙනි.


මියගිය අය අතර අවම වශයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බවද නැගෙනහිර ජාවා පොලිස් ප්‍රධානී නිකෝ අෆින්ටා වාර්තාකරුවන්ට පැවසීය.
හුස්ම හිරවූ පුද්ගලයන් තිස් හතර දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඉතිරි අය රෝහල්වලදී මිය ගිය බව තහවුරු කෙරිණි.

"Sampai mati" හෝ "මරණය තෙක්" සටන් කිරීම යනු බොහෝ ඉන්දුනීසියානු උමතු පාපන්දු ලෝලීන් අතර පොදු වාග් මාලාවකි. ඉන්දුනීසියාවේ පාපන්දු නැරඹීම හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය කෙතරම් තීව්‍රද යත්, කණ්ඩායම් සාමාජිකයින් බොහෝ විට ගල් ප්‍රහාර එල්ල වීම වළක්වා ගැනීම සඳහා සන්නද්ධ වාහනවලින් ක්‍රීඩා  පිටි වෙත ගමන් කරන බවද පැවසේ.

තරඟ සතියකට අත්හිටුවා ඇති බව ලීගය පවසයි. "මෙය අප සැමට වටිනා පාඩමක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා" යැයි ලීගයේ ප්‍රධානී අක්මඩ් හාඩියන් ලුකිටා පැවසීය.