
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකසිය අසූ නවදෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක පමණ පාඩුවක් රජයට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.පසුගිය දෙදහස් දහය වසරේ සිට මේ දක්වා කාලය තුළ ආචාර්යවරුන් දෙදහස් හාරසිය පනස් හත් දෙනකු ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා උපාධි හැදෑරීම මෙසේ අතරමග නවතා ඇත්තේ ඉන් පිරිසක් බවද සඳහන් කළේය.
ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික බවද ප්‍රේමජයන්ත මහතා පැවසීය. පශ්චාත් උපාධිය හැදෑරීම අතරමග නතර කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය මෙහිදී අමාත්‍යවරයා සභාවට ඉදිරිපත් කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා අතරමග නතර කිරීමෙන් විශාල මුදලක් රජයට අහිමි වී ඇතැයි තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා ප්‍රශ්නය යොමු කරමින් පැවසුවේය.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval