damitha-sajith-prasanna

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු ලබා දීමට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කිරීමත් සමඟ අද (05) පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට උණුසුම් විය. විපක්ෂ නායකවරයා මෙහිදී අදහස් පළ කළේ ත්‍රස්තවාදී පනත අනිසි ලෙස භාවිතා කිරීමක් ගැනය. ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා කීවේ විපක්ෂ නායකවරයවා ත්‍රස්සතවාදීන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවයි.
මේ එම සංවාදයයි.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා රටක් තුළ ප්‍රතිපාදන තිබිය යුතුමයි. ඒ ගැන වාදයක් විවාදයක් නැහැ. දශක තුනකට වැඩි කාලයක් තුළ මේ රටේ සිදුවුණු හානිය අපි කිසිම කෙනෙකුට අමතක වෙලා නැහැ. මට මගේ පියා අහිමි වුණා.


ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අම්මලා, තාත්තාලා, සහෝදර, සහෝදරියෝ, ඥාතිවරුන් අහිමිවුණා. ත්‍රස්තවාදීන් වැළැක්වීම පිළිබඳව කිසිම ගැටළුවක් නැහැ. නමුත් ගෑස්පහ හන්දියේ දී අර එදා පාර්ලිමේන්තුවේ බෝම්බ ගැහුවා වගේ බෝම්බ ගැහුවේ නැහැ. මම එකක් ඔබතුමාට කියන්නන්.
(ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යමක් කියයි.)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - පොඩ්ඩක් අහගෙන ඉන්න මහත්තයෝ. පොඩ්ඩක් අහගෙන ඉන්න. මම කියනවා අතුකෝරාල මැතිතුමාගේ ඝාතනය මම පිළිගන්නවා ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට. අතුකෝරාල මන්ත්‍රීතුමාගේ ඝාතනය මම දකිනවා ඒක මිනීමරු ක්‍රියාවක් හැටියට. ඒකට කටයුතු කරන්න. දැන් ඔබතුමන්ලා මොකද්ද කියන්නේ. ඔබතුමන්ලා කියන්නේ වසන්ත මුදලිගේ අතුකෝරාල මන්ත්‍රීතුමාගේ ඝාතනයට වගකිව යුතුයි කියලද? ඉතින් මම කියන්න ඕන බොහොම පැහැදිලිව ත්‍රස්ත්‍රවාදීයෝ, මිනීමරුවො ආරක්ෂා කරන්නේ අපි සූදානම් නැහැ.
කතානායකතුමා - මේ අනවශ්‍ය විවාදයකට අපි යන්නේ. දැන් ඔබතුමාගේ කාරණය කිව්වනේ. ඒක නිසානේ දුන්නේ ඔබතුමාට ඔය අවස්ථාව. ඔබතුමා ඕක ඉවර කරන්නේ නැහැනේ.

ඔබතුමාට ඒ අවස්ථාව දුන්නේ ඔබපතුමා විපක්ෂ නායකතුමා නිසා. හරි හරි One minute ගන්න.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා -  ගරු රණතුංග මැතිතුමා ඔබතුමාගේ වේදනාව මට තේරෙනවා. පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න. මොනම අවස්ථාවකවත් ත්‍රස්තවාදය, ගෙවල් ගිණිබත් කිරීම, දේපළ හානි කිරීමට අපි එකඟ නැහැ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා - ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වදය දීපු හැටි කියනවා. මේ ගොල්ලෝ පහුගිය කාලේ වැඩ කළේ කොහොමද? මේ ගොල්ලෝ තමයි දේශපාලන නායකත්වය දුන්නේ අරගලකරුවන්ට. ගෙවල් ගිනි තිබ්බා ගෙවල් හයසිය ගානක් ගෙවල් ගිනි තියලා තියෙනවා. මෙතුමන්ලා මේවාට නායකත්වය දුන්නා. පේරාදෙණියේ පීඨාධිපතිට මරණ තර්ජන.
ගරු කතානායකතුමනි,
දමිතා මෙයාගේ වේදිකාවට ගියාම මෙයා අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින්න හදනවා.
(විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආණ්ඩ පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා අතර උණුසුම් වාද විවාද සිදුවේ. ඒ අතර විපක්ෂ නායකවරයා කතාවරයාගෙන් කතාකිරීමට වෙලාව ඉල්ලයි.)
කතානායකතුමා - ඔබතුමා විනාඩි 10 ක්ම ගත්තනේ. කරදර කරන්න එපා. ඔබතුමා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න.  
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - ගරු කතානායකතුමනි නවක වදයට අපි විරුද්ධයි. නවක වදයට විරුද්ධව පියවර ගන්න. අපි ඒකට විරුද්ධයි. මම කියන්නේ ත්‍රස්තවාදී පනත අනිසි ලෙස පාවිච්චි කරලා නිකරුනේ ඉන්න මිනිසුන්ව ගන්න එපා හිරබාරයට. ඒකයි මම කියන්නේ. අපි ත්‍රස්තවාදයට  විරුද්ධයි.