benz-india

ජර්මනියේ සුප්‍රසිද්ධ මර්සිඩීස් බෙන්ස් සමාගම ඉන්දියාව තුළ නිපදවූ සිය ඒ පළමු සුඛෝපභෝගී විදුලි මෝටර් රථය එළිදැක්වීම පසුගියදා එරට පූනේ නුවර පිහිටි මර්සිඩීස් බෙන්ස් ඉන්දියා කර්මාන්තශාලාවේදී සිදු විය. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ප්‍රවාහන අමාත්‍ය නිටින් ගඩ්කාරී සහභාගි විය.මෙම නවතම සුඛෝපභෝගී බෙන්ස් රථය EOS 580 ලෙස නම් කර තිබේ. මෙය බෙන්ස් සමාගම එරටින් පිටතදී එළිදැක්වූ පළමු විදුලි මෝටර් රථය ලෙසින්ද සැලකෙයි.

ඒ අනුව මෙය ඉන්දියාවේ පළමු සුඛෝපභෝගී විදුලි මෝටර් රථය බවට  පත්ව ඇතැයි මර්සිඩීස් බෙන්ස් ඉන්දියා සමාගම පවසයි. සමාගමට අනුව මෙම EQS580 විදුලි මෝටර් රථය සභා බලය ලැබෙන්නේ කිලෝවොට් පැය 107.8ක ධාරිතාවක් සහිත බැටරියක් මගින් ක්‍රියාත්මක මෝටරයක් මගිනි. මෙම බැටරියේ එක් ආරෝපණයකින් කිලෝමීටර් 857ක දුරක් ධාවනය කළ හැකිය. මෙම රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 210ක් ලෙස සටහන්ව අත. එසේම වේගය පැයට කිලෝමීටර් 0 සිට 100 දක්වා ඉහළ නංවා ගැනීම තර 4ක් වැනි කාලයකදී සිදු කළ හැකිය. මර්සිඩීස් බෙන්ස් ඉන්දියා සමාගමට අනුව මෙම EOS 580 රථය ඉන්දියානු රුපියල් කෝටි 1.55ක මුදලකට මිල කෙරී තිබේ. ඉන්දියානු රුපියල් ලක්ෂ 25ක මුදලක් ගෙවා රථයක් වෙන්කරගැනීමේ අවස්ථාව පවතී.