දර්ශන් ධර්මරාජ්ගේ අවසන් කටයුතු

Ad Code

දර්ශන් ධර්මරාජ්ගේ අවසන් කටයුතු

darshan-dharmaraj-funeral
සම්මානනීය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ්ගේ දේහය පසුගියදා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ බුහුමන් පිණිස තබා ගැනීමෙන් පසු ඔහුගේ උපන් ගම වන රක්වානට ගෙන ගිය අතර රක්වානේදී ඊයේ සැන්දෑවේ දහස් ගණනකගේ සෝසුසුම් මැද ජීවිත රඟමඩලෙන් සමුගත්තේය.
 රක්වාන, කොට්ටල පාරේ පිහිටි නිවෙසේදී පවුලේ ආගමික චාරිත්‍ර සිදු කිරීමෙන් පසු රක්වාන පොදු ක්‍රීඩා පිටියට දහස් ගණනින් සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව එක්වුණි.
කලාකරුවන් වෙනුවෙන් රංගන ශිල්පි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සහ සිනමා නිළි නිරංජනී ෂන්මුගදාස් මෙනවිය කතා පවත්වනු ලැබූහ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ශෝක පණිවුඩද මෙහිදී කියවනු ලැබීය.












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu