arjun-mahendran-ranil

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයට යන අතරතුර සිංගප්පූරුවට ගිය අවස්ථාවේ දිවා ආහාරය ගෙන තිබෙනුයේ මහබැංකු මංකොල්ලය සිදු කළ අර්ජුන් මහේන්ද්‍රන් සමග බවට පැහැදිලිව සඳහන් කරන බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ ඊයේ (04) පැවැති විවාදයේදී මේ බව සදහන් කරයි.



          ''සිංගප්පූරුවට ගිය අවස්ථාවේ තමා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග උදැසන ආහාරය ගත් අතර, දිවා ආහාරය ජපානයට පිටත්ව යන අතරතුර ගුවන්යානයේදී ලබාගත් බවත්, මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.''

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් -

          ''ආණ්ඩුව පැත්තේ හිටපු සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මහත්මයාට මහ බැංකු හොරා, අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ එයා කියලා අරවා මේවා කිව්වා. අන්න ජපානේ යද්දි ජනාධිපතිතුමා පැය 06ක් සිංගප්පූරුව්වේ ගිහින් හිටියා. පත්තරවල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාව හමු වුණා කියලා. අපට තිබෙන වාර්තා අනුව නම් ජනාධිපතිතුමා ජපානේ යන ගමන් සිංගප්පූරුවෙන් බැහැලා දවල් කෑම කාලා තිබෙන්නේ මහ බැංකු මංකොල්ලයට වගකියලා පැනලා ගිහින් ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් සමග කියලා අපි පැහැදිලිව කියන්න ඕන.''



ජනාධිපති රනිල් වික්‍රමසිංහ -

                     ''මගේ නම සදහන් කළා අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමග සිංගප්පූරුවේදී දවල් කම ගත්තා කියලා. මම කියන්න කැමතියි උදේවරුවේ ඒ ඇමතිතුමා සමග උදේ කෑම ගත්තා. දවල් කෑම ගත්තේ මම සිංගප්පූරු එයාර් ලයින් එකේදී. මොකද මට දවල් 01ට යන්න තිබුණේ. ඉතින් මම ඒ වෙලාවේ කෑම ගත්තේ. ඕන නම් මම මෙනු එකත් ගෙනත් පෙන්වන්නම් මොකක්ද ගත්තේ කියලා. මම කනගාටු වෙනවා මරික්කාර් මන්ත්‍රීතුමා මෙහෙම අසත්‍ය ප්‍රකාශයක් කරපු එකට. මරික්කාර් මන්ත්‍රීතුමා කිවා මැද පත්තිය එකතු වෙලා තමයි දැන් අරගලයට එත් කියලා. විශාල අර්බුදයක්, අරගලයක් එනවා කියලා. මේකෙ මීට කලින් කිවිවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය. මම දැන් කැමතියි දෙන්නම එකම ප්‍රකාශයක් කරන එක ගැන. අඩුම ගානේ දැන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අඩිපාරේ මරික්කාර් මහතා යනවා කියලා අපට පේනවා''



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

                                                .''මම දැක්කේ නැති වුණාට මාධ්‍යයේපළ වුණු එකක් මම කිරීවේ. ඒ වගේම ඔබතුමා හොදටම දන්නවා ඔබතුමා මගේ නායකයා වෙලා ඉන්නකොටත් හිරුණිකා මහත්මියගේ අඩිපාරේ ගිහිල්ලත් නෑ, යන්නෙත් නෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

                          ''ඔබතුමා එහෙම ගමනක් යන්නේ නැතිනම් තිබෙන්නේ මම එක්ක ගමන යන්න''