
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැල්ලවත්ත සිනමාහලකදී පොන්නියන් සෙල්වන් චිත්‍රපටය නැරඹීමට ඊයේ ආවේය.ඔහුගේ බිරිඳ ශිරන්ති සහ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා විය.
මනි රත්නම්ගේ වීර කාව්‍ය ඓතිහාසික නාට්‍ය පොන්නයන් සෙල්වන්: 1 මේ වනවිට සියලු දේශීය හා ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමා ඇත.
කමල් හසන්ගේ වික්‍රම් අභිබවා දමිළ සිනමාවේ ඉහළම ආදායම් උපයන චිත්‍රපටය බවට පත්වීමෙන් පසු, පොන්නියින් සෙල්වන් තමිල්නාඩුවේ රුපියල් කෝටි 200 සීමාව පසු කිරීමේ ජයග්‍රහණය අත්කර ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පොන්නියන් සෙල්වම් චිත්‍රපටයේ ලංකාවේ රජ කළ V වැනි මහින්ද රජු සම්බන්ධ වෘත්තාන්තයද ඇතුළත් වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval