
අද ඕස්ට්‍රෙලියාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ A කොටසේ තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජයට පත් කිරීම නිසා සුපිරි 12 වටයට යාමට අවස්තාව උදා කරගත්තේය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාපිල ලකුනු 162 ක් එහිදී ලබාගන්නා ලදි.
කුසල් මෙන්ඩිස් අවසන් ඕවරය තෙක් රැඳී සිටිමින් පන්දු 44 කදී ලකුනු 79 ක් ලබාගැනීම විශේෂිතය. චරිත් අසලංකට 31 කි.
දෙවන ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට ලබාගත හැකිවූයේ ලකුණු 146 ක් පමණි.
වැදගත් ඉනිමක් ක්‍රීඩා කළ මැක් ඔඩවුඩ් ලකුනු 71 ක් ලබාගත් නමුත් ඔහුගේ උත්සාහය අසාර්ථක විය.
අද තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්ය.
අද තරගය ජයග්‍රහණය කළ නිසා ශ්‍රී ලංකාවට සුපිරි 12 වටයට පිවිසීමට පැහැදිලිවම අවස්ථාව ලැබුනි.
ඒ අනුව ඒ කොටසේ ශ්‍රී ලංකාව මුලට පැමිණ තිබේ.
අවසන් පොයින්ට්ස් ටේබල්පහත පරිදිය.අද ලකුනු සටහන ඊට පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval